ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පළා පොළඟා - Sri Lankan Green Pit Viper

 පළා පොළඟා 
Sri Lankan Green Pit Viper

=======================

ලක්වාසී පොළොන් විශේෂ අතුරින් එකම රුක්වාසී විශේෂය ලෙස පළා පොළගා හැඳින්විය හැක. පළා වන් (කොළ) පැහැයෙන් යුත් ශරීරයකට හිමිකම් කියන හෙයින් පළා පොළගා ලෙස නමක් ලබා ඇති මෙම සර්පයා ශ්‍රී ලංකාවේ සර්පයන් නිරූපනය කිරීමටද භාවිතා කරන ලොව ප්‍රචලිත සර්පයෙක් වේ. ශ්‍රී ලංකාවේ ඉහළ කඳුකරය හා ශුෂ්ක කලාප හැරුණකොට වියළි කලාපයේ සිට මධ්‍යම කඳුකරය , පහත රට තෙත් කලාපය වැනි ප්‍රදේශ වල ව්‍යාප්ත වී සිටී. පරිසරයට අනුවර්ථනය වීම සඳහා වියළි කලාපයේ හමුවන ගහණය වර්ණයෙන් තරමක් ලා පැහැ වන අතර තෙත් කලාපයේ සිටින ගහණය තද දීප්තිමත් කොළ පැහැයක් ගනී. ප්‍රධාන වශයෙන් රුක්වාසී ගොදුරු මත යැපෙන සර්පයෙක් හෙයින් තම ගොදුරු වලට නොපෙනී සිටීමටත්, විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමටත් තම ශරීර වර්ණය පළා පොළගාට මහත් උදව්වක් වේ.

ප්‍රදාන වශයෙන් නිසාචර සර්පයෙක් වන පළා පොළගා දහවල් කාලයේ අතු පතර අලසව සිටින ආකාරය දැක ගත හැක. ගලා යන ජල මූලාශ්‍ර අවට පිහිටි ශාක මත ගැවසීමට වඩා ප්‍රියතාවක් දක්වයි. මද විෂ සර්පයෙක් වන පළා පොළගාගෙන් දෂ්ටන වාර්තා වී තිබුනද කිසිදු මරණයක් වාර්තා වී නොමැත. නමුත් දෂ්ටනයකදී රෝහල් ගත කිරීම අත්‍යාවශ්‍ය වන්නේ විශෙහි බලපෑම හේතු කොටගෙන වකුගඩු අකර්මන්‍ය වීම් හා වසා පද්ධතිය ආශ්‍රිත සංකුලතා වලට ලක්වීමට ඇති සම්භාවිතාව නිසයි. දෂ්ටනයකදී ස්ථානීය රෝග ලක්ෂණ ලෙස දෂ්ට මුඛය අවට ඉදිමීමත් දියපට්ටා දැමීමත් සඳහන් කල හැක. 

උපුටා ගැනීම

සටහන - සංජය කණිෂ්ක

තිරික්කලේ අතරමග අපිට හමුවුන හැඩකාරයා...

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com




No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්