ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

වැඩසිටි කන්ද



"කොහේ  හරි යන්න වෙලාවක් කලාවක් තියනව.. ඒකට මුන්ට .. පිස්සු.." ගමන යන්න පිටත් වෙන්න හදනකොටම අහපු කතාව.. හැබැයි කතාව සාදාරනයි.. වෙලාව 11ත් පහු වෙලා.. යන්න හදන තැන කියනව නම් තිස්ස, කතරගම වැඩසිටි කන්ද.
දැන් තේරනවනේ අර වගේ කතාවක් අහපු එක සාධාරණයි කියලා..
අපි තුන්දෙනා යනකොට නම් 12 වගේ වෙලා.. අපේම හෙවනැල්ල හොදට පෑගෙනව.. අපි බස් එකේ තමයි ගියේ.. තිස්ස කතරගම බස් එක්ක කතරගම පැත්තට ගිහින් වැඩසිටි කන්දට යන තැනින් බහින්න.. කියපුවහම කවුරුත් දන්නවා.. එතන ඉදලා පොඩි දුරක් තමයි යන්න තියෙන්නෙ.. පයින් යන්න පුලුවන්..පොඩි දුරක් තමයි තියෙන්නේ..
පන්සලට ඇතුල් වෙලා එතැන් පටන් යන්න පුළුවන් .. කන්ද මුදුනටම පඩි පෙල තියනවා.. ටිකක් දුර යන්න තියනවා.. ඇත්තටම හවසක නැතිනම් උදේම නගිනව නම් ගොඩක් පහසුයි.. වුනාට මග දිගටම වෙළද සැල් තියනවා.. වගේම පාර දෙපැත්තෙම ගස් තියන නිසා හෙවන තියනවා උඩට යනකන්ම.. තව ඉතින් ගිමන් නිවාගන්න තැන් තියනව මග දිගටම.. උඩට ගියාම නම් මහන්සි ඔක්කම නැති වෙනවා.. පුදුම ලස්සන දර්ශනයක් තියෙන්නෙ දකින්න.. උඩ තියෙන බෝධිය,දේවාලය ඇතුලු ගොඩක් දේවල් තියනව නරබන්න..පූජාව තියෙන වෙලාවට නම් ටිකක් පොඩි තදබදයක් නම් තියනවා..තියෙන හුලගත් එක්ක රස්නේ නම් දැනෙන්නේ නෑ.. මෙතැන උඩටම වාහනයක වුනත් එන්න පුලුවන්.. මෙතනින් වුනත් වාහනයක් කුලියට ගන්න පුළුවන්..
ඉතින් පුළුවන් වෙලාවක යන්න ඔයාලත්.. යනකොට මග දිගට ඉන්න වදුරන්ගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.. තව කියන්න දුකයි මෙතන අපේ අය ප්ලාස්ටික් බෝතල් ,කවර ,කොල හැම තැනම විසිකරලා පරිසරය විනාස කරලා.. නිසා ආදරෙන් ඉල්ලන්නේ එහම කරන්න එපා.. හැමදාම වගේ ඉල්ලන්නේ මේ පරිසරයටත් ආදරය කරන්න.. රැකගන්න.. අපි තිරික්කලේ විදියට ඒක හැමදාම අගය කරනවා..

















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්