ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කිරිදී ඇල්ල (kiridi ella waterfall)

අපි ලංකාව පුරාම ඇවිදින්නේ නොදුටු ඇස නොගැටුණ ලස්සන සුන්දර තැන් සියැසින් දැකගන්න තියන ආසාවට.
ලැබුන නිවාඩුවත් සමග බේලිහුල්ඔය පැත්තේ යන්න අපි තීරණය කළා. ඒ අපිට බලන්න උවමනා වුන දිය ඇලි කිහිපයක් නරඹන්න.. සුපුරුදු පරිදි අපි ගමන පිටත් වුනා.. අපි එකටම තෝරාගත්තේ වැඩි ප්‍රසිද්ධියක් නැති පැල්මඩුල්ල නගරයට ටිකක් ආසන්නයෙන් තියන කිරිදී ඇල්ල සුන්දර දිය ඇල්ලයි.
පැල්මඩුල්ල නගරයේ ඉදලා 6KM විතර දුරින් තමයි පිහිටලා තියෙන්නේ. අපි යනකොට නම් යන පාර ටිකක් කැඩිලා. ඒ හින්දමද  කියලා හිතුනා මෙතනට එන සංචාරක පිරිස අඩු වෙලා තියෙන්නේ. පාර ගාව ඉදලාදිය  ඇල්ල ලගටම යන්න පඩිපෙල් තියෙනවා. නරඹන්න ස්ථාන පවා ඉදිකර තිබෙනවා.. නමුත් මේ වනවිට නම් මේ සියල්ල ටික ටික විනාශ වෙන බවක් දකින්න පුළුවන්.

ටිකක් දුර පහළට බැස්සහම ඔන්න දිය ඇල්ල ලගටම යන්න පුළුවන් .. ඉතා විශාල වගේ ඉතාමත් සුන්දර දිය ඇල්ලක් කියලා ඔයාලට තේරන්නේ එතනට ගියහමයි.. වැඩිය වතුර නැතිනම් මේ දිය කොමලි අගර දගර පාමින් ගලා වැටෙන අපූරුව හොදට දැකගන්න පුළුවන් .. ඒ සුන්දර වටපිටාවක් මෙතන දකින්න පුළුවන්. මතක තියාගන්න පරිස්සම ගොඩක් වැදගත් . මෙහි ජල මට්ටම වෙනස් වෙනන පුළුවන් ඉක්මනටම. ඒ නිසා ඒ ගැන අවධානයේන් ඉන්න නම් ඕන.

එහනම් ඔයාලත් නිවාඩුවක් ලද වෙලාවක ගිහින් බලන්න.. හැබයි මේ සුන්දර පරිසරය රැකගන්න මතක තියාගන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා වෙනදා වාගේම..
















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්