ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පහන් තුඩාව දිය ඇල්ල (pahanthudawa waterfal)

අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුපුරුදු තැන් කිහිපයකට විතරක් සීමා වෙලා සංචාරය කරන්න .. හැබයි අපි නම් අලුත් සුන්දර තැන් හොයාගෙන යන්න ආසා කරන කන්ඩායමක්. අපි බෙලිහුල්ඔය පැත්තේ ඇවිදිනකොට අපිට ඒ වගේ තැනක් අපිට අහන්න ලැබුනා .. අපි ඔන්න එතැනට යන්න තීරණය කළා. ඒ  පහන් තුඩාව දිය ඇල්ල.

හිරිකටුඔය හෝටලය අසලින් තියන අතුරු පාරක ටික දුරක් යනකොට මෙතනට යන්න පුළුවන්. ප්‍රධාන මාර්ගයේ  දිය ඇල්ල පිළිබඳ තොරතුරු පුවරුව දැකගන්න පුළුවන් නිසා පහසුවෙන් හොයාගන්න පුඑවන්. අතුරු පාරේ ටික දුරක් යනකොට විදුලි බලාගාරයක නාම පුවරුවක් දකින්න පුළුවන්. එතනින් තමා දිය ඇල්ලට යන්න පුළුවන් .. අපිට නම් ටිකක් හොයාගන්න අමාරු වුනා  පළමු පාර නිසා.
එතන ඉදලා නම් හොයාගන්න අමාරු නෑ.. ටික දුරක් පයින් යන්න ඕනා.. ලොකු දුරක් නෙවෙයි.ටිකක් පරිස්සම් වෙන්න ඕන , මොකද මෙතන වතුර මට්ටම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ නම් වෙනම පරිසරයක් .. පහන් තුඩාව දකින්න නම් උඩුගම් බලා ටික දුරක් යන්න වෙනවා .වැඩිම වුනොත් මීටර් 200ක් විතර.
දෙපැත්තම කළුගල් වලින් වට වෙලා තමයි මෙතන හැදිලා තියෙන්නේ. ඒක නම් අමුතු සුන්දරතත්වයක් මවනවා. මෙතන ලගට ගියාට ගොඩක් පරිස්සම් වෙන්න වගබලා ගන්න අනිවාර්යෙන්ම . මෙතන  සුන්දරත්වය වගේම ඉතාම ගැබුරු ස්ථානයක් .

වෙලාවක් ලැබුන විටෙක ගිහින් බලන්න.. වෙනදා වගේම මතක් කරනවා මේ ලස්සන පරිසරයට හානියක් කරන්න නම් එපා..













No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්