ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

World Seagrass Day

  World Seagrass Day 


ලංකාවෙ යෝජනාවක් අනුව ලෝකය පළමුවරට World Seagrass Day එක සමරනවා
2023 මාර්තු පළවෙනිදා ලෝකය පළමුවරට World Seagrass Day එක ඊයෙ දිනයේ සැමරුවා. ඒ 2022 මැයි 23 පවත්වපු එක්සත් ජාතීන්ගෙ මහා මන්ඩල සැසියෙ 76/265 යෝජනාවට අනුව. මේව තමයි මුහුදු ජීවීන්ගෙ තණබිම්. ලෝකේ තිබෙන seagrass වර්ගවලින් වර්ග 72 න් පහළොවක් ලංකාව වටේ තියෙනවා කියලයි අහල තියෙන්නෙ. ඉන් 13 ක්ම මන්නාරම අවට තිබෙනවාලු. මුලු ලෝකයේම වසරකට වර්ග කි මී 110ක ප්රදේශයක විනාශවෙනවලු.
ඒත් මන්නාරම අවට ප්රදේශයට ඉතාමත් අපලකාරී කාලයක්. වෙඩිතලතිව් රක්ෂිතයෙ කොටසක් ඉවත් කරලා එතන 'වනමේ' ඉස්සන් වගාව කරන්න යනවා. ලංකාවත් ඉන්දියාවත් අතර මන්නාරම් දක්වාම පෝක් සමුද්ර සන්ධියේ මුහුදු ප්රදේශය ඉන්දියාවේ ධීවරයන් විසින් bottom trawling සිදුකරමින් විනාස කරනවා. ඒකට විරුද්ධව පරිසර යුක්ති කේන්ද්රය යාපනය ප්රදේශයේ ධීවරයන් වෙනුවෙන් ගොනු කරපු නඩුව පසුගියදා ඉවත් දැමුවා. දැන් කපන්න බැරි අත සිඹිනවා වගේ ඉන්දියානු ධීවරයන්ට ටිකට් එකක් දීල බොටම් ට්රෝලින් කරන්න දෙන්න යනවලු. ලංකාවෙ ධ්වරයන්ට කොහොමත් බොටම් ට්රෝලින් තහනම්. Bottom trawling කරනකොට seagrass පමණක් නොවේ කොරල් සියල්ලමත් කුඩුවෙලා. ධීවරයන් කියන විදියට මේ ප්රදේශය පුට්බෝල් පිට්ටනියක් බවට පත්වෙලා තිබෙන්නේ. මේ ප්රදේශයේ තමයි අපට Dugong සත්වයන් දකින්න පුළුවන් වෙන්නේ. එහෙත් මෑත කාලයේ ඇසින් දුටු පන ඇති speciman එකක් නැහැ කියලයි ආරංචිය.
Seagrass වෙනුවෙන් දිනයක් නම් කරපු එක ලංකාව ඉදිරිපත් කරපු යෝජනාවක් කියලා දැනගන්නට ලැබුණා.ඒක හොඳ යෝජනාවක්. මේව වැඩිපුර තියෙන්නෙ වයඹ හා උතුරු මුහුදේ. ඒ වෙනුවෙන් මුද්දරයක් පවා ඊයේ නිකුත් කලා. මේක යෝජනා කලේ ලංකාව නම් අපි ප්රායෝගිකව ක්රියාත්මක වෙලා ලංකාවේ seagrass වලට තිබෙන තර්ජන වළක්වන්න කටයුතු කරමු. Bottom trawling නතර කරමු. වෙඩිතලතිවු විනාශ කරන එක නතර කරමු. මන්නාරම ප්රදේශයේ තිබෙන ඉල්මනයිට් Australian සමාගමකට ලබා දෙන එක නතර කරමු.
උපුටා ගැනීම- Mudi ekka rasthiyaduwe මුදී එක්ක රස්තියාදුවේ පිටුවෙන්.
Mudi ekka rasthiyaduwe මුදී එක්ක රස්තියාදුවේ සම්පූර්ණ ගෞරවය හිමි වේ..
චායාරූප අන්තර්ජාලයෙන්. සම්පූර්ණ ගෞරවය මුල් අයිතිකරුවන්ට.

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්