ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

රිවස්ටන් (riverston)

මීදුම මැදින් සීත සුළගක් එක්ක ඇවිදින්න ආසද..? එහනම් ඔන්න අපි කියන්න යන්නේ ඒ වගේ තැනක් ගැන.#තිරික්ක්ලේ අවසන් සවාරියේ මාතලේ පිටවල පතන ලිපි පෙලේ දෙවැන්න.කියන්න යන්නේරිවස්ටන් ගැන. ගොඩක් අය අහලා දැකලා ගිහිනුත් ඇති. අපි තිරික්ක්ලේ මුල් ලිපියකිනුත් මේ ගැන විස්තර ටිකක් ගෙනාවා.ඒ නම් වැහි කාලෙක රිවස්ටන්.මේ පාර නම් පායන කාලෙකට කොහමද කියලා ගේන්න හදන්නේ. මෙතනට ලගා වෙන විදිහට නම් කලින් ලිපියෙන් (බඹර කිරි ඇල්ල) අපි කියලා තියනවා.කොළඹ ඉදන් 170Km ක් ,ඒ කියන්නේ පැය 4ක් වගේ.බඹර කිරි ඇල්ල ඉදන් 14Km යි. ඇතුල්වෙන තැන සිට 2km ක් වගේ පයින් ඇවිදන් යන්න තමයි තියෙන්නේ.. අවසානයේ මුදුනේ තියෙන්නේ ටෙලිකොම් ආයතනයේ සම්ප්රේෂණ කුළුණ සහ ගොඩනැගිල්ල.ඇතුලට යන්න නම් අවසර නෑ.ඒ නිසා උඩදී විශේෂ යමක් බලන්න නම් බලාපොරොත්තු වෙන්න එපා.හැබැයි පරිසරයේ සුන්දරත්වය විදගන්න නම් මේක කදිම පාද චාරිකාවක්..මොකද අවට පරිසරය වගේම විවිධ කුරුලු විශේෂ ,ශාක හා මල් විශේෂ විශාල ප්රමාණයක් දැකගන්න පුලුවන්. වැස්ස කාලේට ඇග හිරිවට්ටන් ඇගේ වැදීගෙන යන මීදුම් වලාකුළු වගේම හිරිකඩත් ඒකටම නොදෙවෙනි හුලගත් පුදුම අත්දැකීමක් ගෙනත් දෙන්නේ.ඒ තරමටම සුන්දර අත්දැකීමක්. වටේටම කදු වළලු වලින් වට වෙලා තමයි තියෙන්නේ. වටේ බැලුවොත් පතනේගල,මානිගල,ලකේගල, ගොම්මානිය සහ තුන්හිස්ගල වගේ කදු වලින් වට වෙලා කියලා හොදට තේරුම් යාවි. පහතින් පිටවල පතන ඈතට පැතිර යන ආකාරය හොදට බලාගන්න පුලුවන්. වැහි කාලයට විඳගන්නට පුලුවන් මීදුම,හිරිකඩ, සීත හුලග වගේම කූඩැල්ලන්ද මේ කාලයේ නෑ.ඒ වුනාට මද සීත සුලගක් වගේම හීනී මීදුම් සේලයක එතෙන්න බැරි කමකුත් නෑ. අතර මග කැලෑව මැදින් කෙටි මාර්ගයන් තියනවා. හැබැයි පරිස්සමෙන් යන්න. උඩට ගිහින් ඇවිත් මහන්සිය නිවාගන්න පහතින් හකුරු කෑල්ලක් එක්ක තේ කෝප්පයක් බීලා සුපුරුදු පරිදි රොටී කෑල්ලක් හරි වඩයක් හරි කාලා එහම පොඩි වෙනස් අත්දැකීමක් ගන්න..යනකොට වතුර ටිකක් අරන් යන්න.. යනගමන් කන්න පොඩි බිස්කට් වගේ කෑමක් එහමත් අරන් යන්න.පොඩි පොඩි වතුර පාරවල් තියනව. ඔන්න තිරික්ක්ලේන් විස්තර කීවා.. මේවා විනාස නිකර රැකගෙන බලන්න ගිහින් එන්න ආරාධනා කරනවා. කුණු දාන්න එපා.. ආදරෙන් ඉල්ලන්නේ.. අපේ රටනේ ලස්සනට තියාගමු.අපි සුපුරුදු #තිරික්ක්ලේ








































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්