ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Dunhinda Waterfall - Badulla

Dunhinda Waterfall - Badulla

ගොඩක් කාලෙකට පස්සේ ආපහු දුන්හිද දිය ඇලි කොමලිය හොයාගෙන අපි ගියා..

බදුල්ලේ ඉදලා වැඩි දුරකින් නොතිබුනත් හුගක් අයට ගොඩක් වෙලාවට මග හැරෙන තැනක්. බදුල්ල - මහියංගනය ප්රදාන පාර ලග ඉදලම පයින් යන්න ගමන පටන් ගන්න තියෙන නිසා හොයාගන්න ලොකු දුකක් විදින්න නෑ.. හැබැයි හොයාගන්න දුකක් විදින්න නෑ කීවට ලගට යන්න නම් ටිකක් දුර ඇවිදන් යන්න වෙනවා..
ඇතුල්වීමට ප්රවේශපත් මිලිදී ගැනීම අනිවාර්යය වෙනවා.. ඒ වගේම යන මාර්ගය මේ වෙනකොට ඉතාම හොද තත්වයෙන් පවත්වාගෙන යනවා.
දිය ඇල්ල ලගට යනතෙක්ම පුංචි කඩ දිගටම තියෙනවා.. ඒ නිසා මහන්සි නිවාගෙන හෙමින් හෙමින් යන්න පුලුවන්..
.
කාලෙකින් ආපහු ගියා වුනත් මේ තිරික්කලේ අන්තිමට කල දවස් ගානක රස්තියාදුවක්.. එකෙන් එක විස්තර කියන්නම්.. මේ රස්තියාදුවේ දෙවනි දවස .. මුල ඉදලම කතාව පටන් ගන්නම් ඊලග ලිපියෙන් විස්තර එක්කම...
.
අගක් මුලක් නැතුව මැදින් තමා මේක දැම්මේ..
හමුවෙමු රස්තියාදුවට අපි එක්කම ගොඩවෙන ගමන්..
.
අපි තිරික්කලේ..





No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්