ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

ඇත්තටම අපි දැනගෙනද ඇවිදින්නේ..

 ඇත්තටම අපි දැනගෙනද ඇවිදින්නේ.

======================
අපිට හිතෙන විදිහට නම් ලංකාවේ බහුතරයක් දෙනා සංචාරය කරන්නේ කිසිම දැනීමක් තේරුමක් නැතුව. තමන් යන්නේ මොන වගේ තැණකටද යන්න පමණක්ම නෙවෙයි, එම ස්ථාන වලදී පිලිපැදිය යුතු නීතී වගේම රැකිය යුතු රීති පිලිබදවත් කිසිම අවබෝදයක් නෑ. බොහෝ වෙලාවට නීතී පිලිපැදීමට පොඩි උත්සාහයක් කරත් රීතීන් එහම නැතිනම් සම්ප්රදායන් රැකීමට කිසිම විටෙක උත්සාහ කරනවා අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ.. එයිම් එම ස්ථාන වලට සිදුවන හානිය වගේම එහි ගහකොල සතාසීපාවට වගේම ප්රාදේශීය ජනතාවටත් රාජකාරි කරන පුද්ගලයන්ට සිදුවන බලපෑම අතිවිශාලයි.

පහල අප පලකර තිබෙන්නේ ලගදි දවසක හෝර්ටන්තැන්න ජාතික වනෝද්යානයේ සිදුවුන සිද්ධියක චායාරූපයක්. අප ඉදිරිපිටදී සිදුවුන මෙය අප ඔවුන්ව දැනුවත් කරත් එය පිලිගැනීමට හෝ නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොගැනීම කනගාටුවක්. එමෙන්ම ඒ මොහොතේ ක්රියාත්මක වුන වන ජීවී දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ගේ රාජකාරියටද ඔවුන් බාධා කිරීම දැක ගැණීමට ලැබුන. ඒ ඔවුනට මේ ස්තානයේදී වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ශන දෙපාර්තමේන්තුවේ මහත්වරුනට පවතින රාජකාරි බලතල පිලිබද නොදැනුවත් භාවයයි.

මෙවන් ස්ථාන තුලට ඇතුල්වීමේදී වඩාත් පැහැදිලිව සහ පිලිවෙලකට පිලිපැදිය යුතු උපදෙස් මාලාවක් පෙන්වා දී තිබෙනවා. එයට අනුගත වීම එහි පැවැත්මට විශාල බලපෑමක් කරනවා. සති අන්ත නිවාඩු දවස් කිහිපයක් නිසා ඉතා විශාල සංචාරකයින් පිරිසක් එදින හෝර්ටන්තැන්න උද්යානයට පැමිනියා.. දුකට කරුන නම් ඉතා විශාල ඝෝශාවන් කරමින්, සතුන්ට කෑම දෙමින් වගේම මාර්ගයෙන් පිට වනාන්තරයට ඇතුල්වෙමින් විනෝද වීමයි. කුණු බැහැර කිරීමත් , අතු ගස් කඩාගෙන යාමත් දැකගැනීමටත් පුලුවන් වුනා මේ දවස පුරා.. ඉතා අඩු සේවක ප්රමාණයක් මගින් පාලන කටයුතු සිදු කරන බැවින් ඔවුනටද මේවා පාලනය කිරීමට එවන් සංචාරක පිරිසක් ඉදිරියේ ඉතාම අපහසු වී තිබුනා.

තවත් වැදගත් දෙයක් කියන්නම උවමනායි. ඒ සංචාරය කරනවා නම් තමන්ගේ බලාපොරොත්තු වන ගමනාන්තය පිලිබදව සහ ඒ තුලින් ලබාගත හැකි අත්දැකීම් පිලිබදව හොද අවබෝදයකින් ඒවා සංවිදානය කරගන්න. ඒ සදහා සුදුසු වාහනයක්, ඇදුම් පැලදුම් වගේම එය කල නොහැකි පුද්ගලයන් ගැනත් හොද අවබෝදයෙන් සංවිධානය කරන්න. එමෙන්ම සුදුසුම කාලය සහ ඒ අනුව ලගාවීමට වගේම එතනින් පිටවීමටත් ලොකු අවධානයක් ලබාදෙන්න.

තවත් මතක් කරන්නම දෙයක්. මේ වගේ කදුකර ගමනක් එනවා නම් තමන් සමග එන වාහනේ රියදුරු මහතාගේ පලපුරුදු භාවය වගේම වාහනය සුදුසු තත්වයෙන් තිබේද යන්න හොදට සොයා බලා යෝග්යය තත්වයෙන් තිබෙනවා යැයි සහතික කොටගෙනම එන්න.. උදේම ආවම පොල්මල ගහගෙන සාදුකාර දීගෙන මොකුත් හොයාබලන්නේ නැතුව එන්න එපා.

ඒ වගේම එන්නේ වන්දනා නඩයක් එක්ක වුනත් කමක් නෑ කවුරු වුනත් තමන් යන බසින තැන් ගැණ පොඩි හැදින්වීමක් ලබාදෙන්න. සංවිධානය කරන තමන් නොදන්නවා නම් ඒ පිලිබදව දන්නා අයෙකුගෙන් හෝ එම ස්තානයකදී හෝ පොඩි හැදින්වීමක් ලබාදෙන්න. එය ලොකු වටිනාකමක් එකතු කරයි. ඒ ගැණ මේ රට ගැණ හැගීමක් කීපදෙනකුට හරි එකතු කරයි...

තව කියන්න දේවල් නම් ගොඩයි. දැකපු දේවල් නිසා කියන්න හිතුනේ.. අපි අතිනුත් වැරදි වෙනවා. අපි දැනුවත් වෙමින් මේවා අඩු කරගමු.
තව ලිපියකින් හමුවෙමු....
අපි තිරික්කලේ..
දැනුවත් කරන්න බෙදාගමු.. ලස්සන රටක් වෙනුවෙන්
🐾🍃🍂🦌
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

— at 

Horton Plains National Park

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්