ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

අවාරයට උතුම් සිරිපා වන්දනාව

 දිව්‍යය ලෝකයට යන පාර- Sripadaya 

අවාරයට හැඩ වෙන තරමක් . .... හැබැයි අවාරය කියන්නේම සතුන්ට වෙන්වුන කාලයක්. ඔවුන්ට නිදහසේ සැරිසරන්න ලැබෙන කාලයක්. මේ වෙන විට අවාරයේ සිරිපා කරුනාවට විශේශ අවසරයක් ලබාගත යුතු වෙනවා. ඒ ආසන්න්ඩ් කාලයන් තුලදී සිදුවූ කරුණු කිහිපයක්. එම නිසා අවාරයේ සිරිපා කරුනා කරන්නට සිතනවා නම් ඒ සදහා කලින් අවශ්‍යය කරනා අවසර ලබා ගැනීමට කටයුතු සිදු කරගන්න.

මෙම කාලයට වර්ශාව සහ අයහපත් කාලගුන තත්වයන් වලට මුහුන දීමට බලාපොරොත්තුවෙන් ගමන යායුතුමයි. ඒ වගේම පහසුකම්ද ඉතා අල්පයි. ඒ වගේම කියන්න අවශයම දෙයක් වන්නේ විදුලි ආලෝක මග දෙපස නොමැති වීමත් රාත්‍රියට වන සතුන් නිදහසේ සැරිසරන නිසාත් රාත්‍රී කාලයට ගමන් කිරීම යම් තරමක අනතුරුදායකයි. උඩමලුවේ නැවතීමට පහසුමක් මෙම කාලයට බොහෝ දුරට නොමැති වෙනවා. විශ්‍රාම ශාලා වසා තියෙන්නේ මේ කාලයේදී. රැය පහන් කරන්න බලන් යනවා නම් ඒ සදහා සුදුසු ඇදුම් සහ උපකරන රැගෙන යන්න වග බලාගන්න.

කිවයුතුම දේ නම් වාරය හෝ අවාරය වේවා පරිසරය සුරකිමින් සංචාරය කරන්න කියන එක.. ඒක කොහේ ගියත් මතක තබා ගතයුතු දෙයක්...
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com













No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්