ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Sea turtles in Sri lanka - මුහුදු කැස්බෑවන් බලමුද

 මුහුදු කැස්බෑවන් බලමුද (sea turtles) 


=============================
මුහුදු කැස්බෑවන් (sea turtles) තවත් මේ මිහිමඩලේ වාසය කරන සුන්දර මිහිමඩලට අයිතිය කියන අයිතිවාසිකම්කාරයෙක්. අපි කලින් කියලා තිබ්බා ලංකාවට විදේශිකයන් එන්නේ අලි බලන්නම නෙවෙයි කියලා. කොටියා , තල්මසුන් ,කැස්බෑවුන් ,සමනලයින්, බත්කූරන් වගේම කැස්බෑවෝ බලන්න විශාල පිරිසක් එනවා. ඒ අතරින් මේ මුහුදු කැස්බෑවන් බිත්තර දැමීමට පැමිනෙන දර්ශනය දැකීමට විශාල පිරිසක් ඒ වෙනුවෙන්ම පැමිනෙනවා..
දැන් හිතෙනවා නේද ඒ මොකක්ද ඒ.. ලංකාවේ වෙලත් අපි එහම එකක් දන් නෑනේ කියලා. ඔව් ගොඩක් ලංකාවේ අය ඒ ගැන දන්නේත් නෑ ඒ අත්දැකීම විදගෙනත් නෑ. කොස්ගොඩ , හික්කඩුව, රන්න, රැකව මෙයාලව බලන්න සහ බිත්තර දානවා බලන්න පුලුවන් තැණක්.. ත්රීකුණාමලයේත් පුලුවන්.
මේ අතරින් ස්වාභාවිකව පැටවුන් බිත්තර වලින් එලියට පැමින මුදුදට යන එකත් බිත්තර දාන්න ගොඩට එන කැස්බෑවුන් පැමිනීම දකින්නත් ලැබෙන හොදම තැණක් තමා රැකව. හැබැයි ටිකක් ඇහැරන් බලාගෙන ඉන්න නම් වෙනවා. අප්රේල් ඉදලා ජූලි අග වෙනකන් තමා හොදම කාලය එහම බලනවා නම්. මීට අමතරව මෙයාලව බිත්තර වලින් එනකන් බලාගෙන මුහුදට මුදාහරින සංරක්ශන වැඩපිලිවෙලවල් ක්රියාත්මක වෙන turtle hatchery ආයතන බොහොමයක් දකුනු මුහුදු තීරය දිගට දැකගැනීමට පුලුවන්.
වැදගත්ම දෙය නම් ලෝකයේ මුහුදු කැස්බෑවන්ගේන් වර්ග 7 න් 5ක්ම ලංකාවේ වෙරලට බිත්තර දැමීමට පැමිනීමයි. ඒ
01. Green Turtle
02. Hawksbill Turtle
03. Olive Ridley
04. Loggerhead
05. Leatherback
යන අයයි.. සිංහල නම් පොඩ්ඩක් අමාරුයි ඉතිං.. ටිකක් මහන්සි වෙලා හොයාගන්න පුලුවන්.
ඒ වගේම කියන්න ඕනා මීට අමතරව මිරිදියේ ඉන්න වර්ග තුනකුත් ලංකාවේදී දැකගන්න පුලුවන්. එයාලා තමා
01. Parker’s Black Turtle
02. Sri Lanka Black Turtle
03. Soft or Flapshell turtle
යන අයව.
ගොඩබිම වෙසෙන, ඒ කියන්නේ මිරිදියේ , වගුරු වල වගේ වාසය කරන වර්ග 243 ක් ලෝකයේ ඉන්නවා. මේ සංඛ්යා වෙනස් වෙන්න පුලුවන්. වැරදි නම් අපිව නිවැරදි කරන්න කියලත් ආදරෙන් ඉල්ලනවා.
මේ මුහුදු කැස්බෑවන්ගෙන් ගැහැනු සතුන් බිත්තර දැමීමට එයාලා ඉපදුන වෙරලටම එනවා කියනවා. හරිම පුදුමයි නේද.. එයලා කොහේ මොන සාගරයේ හිටියත් එහම හොයන් එන එක.. එහම වෙරලට එන එයාලා අගල් 20 ක පමනක වලක් වෙරලේ පුලුවන් තරම් වතුර නොඑන හරියකින් හාරලා බිත්තර 75 ත් 130ත් අතර ප්රමානයක් දමනවා. ඊට පස්සේ වහලා ආපහු සාගරයට යනවා. මේ බිත්තර වලින් දවස් 50න් වගේ පැටවු මතුවෙලා සාගරය හොයාගෙන යනවා. විශාල ප්රමාණයක් ඉපදුනත් මුහුදට එහම නැතිනම් සාගරයේදී ජීවිතේ බේරගෙන දිවි රැකගන්නේ සුලු පිරිසයි. ඒ තමා සොබාදහමේ අපූර්වත්වය..
ඉතිං අපි වෙනස්ම විස්තරයක් ඔයාලට ගෙනාවා කියලා හිතෙනවා.. යන්න වෙලාවක රැකවට හරි ඔය සංරක්ශන කරන තැණකට හරි. දකින්න මේ දේවල්.. මේ අපේ පුංචි රටේ අපි නොදැකපු දේ මොනතරම්ද කියලා..
මෙහි මොනයම් හෝ වැරද්දක් තිබ්බොත් පෙන්වා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තව කෙනෙක්ට දැනගන්නත් ශෙයා කරන්න. අපි තව විස්තර අරන් එන්නම්..
මේ අපි යන වින්දනාත්මක රස්තියාදුවේ හරවත් දැනුමක් දෙන්න ඔබට දෙන්න කරන උත්සාහය..
අපි තිරික්කලේ....

මේ අපගේ වෙබ් පිටුව සහ සංචාරක ව්‍යාපාරය..
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්