ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"අඩවී කන්ද හරහා සිරිපාද කරුණාව" (Sri Pada or Adam's Peak)


මෙවර තිරික්කලේ අපි සිරිපා කරුණාවට තෝරාගත්තේ අඩවි කන්ද හරහා වැටි ඇති මාර්ගයයි.
ඉතා සුන්දර පරිසරයක් මැදින් වැටි ඇති මෙම මාර්ගය තරමක් දුෂ්කර වුවත් නවමු අත්දැකීමක් එක් කරයි. මෙම මාර්ගය සිරිපා වන්දනාව සදහා ඇති අනෙක් මාර්ග දෙකට වඩා දුරින් වැඩි සහ පටුය.


සිරිපා කරුණා සමයට වුවද සිරිපා කරුණාවට මෙම මාර්ගය තෝරාගන්නේ ඉතා අල්ප පිරිසකි . කුරුවිට නගරයට පැමිණ එතැන් සිට අඩවි කන්ද වෙත වාහනයකින් පැමිණ එතැන් පටන් සිරිපා කරුණාව පටන් ගත හැක. අනෙක් මාර්ගයන්ට වඩා තැනිතලා මාර්ගයන්ගේ ගමන් කල හැකි මෙම මාර්ගයේ අල්ප වශයෙන් පඩිපෙල් හමු වේ.


මෙම මාර්ගයේ මුල සිටම ගිමන් නිවා ගැනිම සදහා ගිමන් හරින ස්ථාන හෙවත් අම්බලන් සහ වෙළද සැල් අවසානය දක්වාම ඉදිකොට ඇත. එමෙන්ම මෙම මාර්ගයේද අනෙක් මාර්ගයන්ගේ සේම ඉදිකටුපාන, සීත ගගුල යන වැගත් ස්ථාන සියල්ලම හමුවේ.

















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්