ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

ලස්සන මීමුරයට (meemure)


ලංකාවේ අව්‍යාජ ගැමි සුන්දරත්වය විදගන්න මේ වෙනකොට යන්න පුළුවන් සුන්දරම ස්ථානයක් ගැන තමයි මේ කියන්න යන්නේ. වර්තමානයේ ලංකාවේ කවුරුන් වුවත් ආස කරන ගොඩක් අය යන්න TRY කරන තැනක් තමයි මීමුරය .. අපි නම් යන්න පිටත් වුනේ ගාල්ලේන් නුවරට කෝච්ච්යේන් .. එතන ඉදලා BUS එකෙන් හුන්නස්ගිරියට අපි ගියා..එතන ඉදන් මීමුරේ ගමට යන්න අපි නම් තෝරගත්තෙ වෑන් එකක්.. මේ වගේ වැන් දෙකක් විතර තමයි හුන්නස්ගිරිය ඉදලා මීමුරයට  යන්න තියෙන්නේ..  යන්න තියන පාර නම්  ඉතිං හොද තත්වයක නැති වුනත් තියන සුන්දරත්වය නම් උපරිමයි .. අතරමග බලන්න විදගන්න තියන දේවල් නම් ගොඩක් තියෙනවා ..

ඉතා පොඩි කාලයක් අතුලේදී වෙනම දේශගුණ තත්වයන් කීපයක් විදගන්න ඔන්න හොදම අවස්ථාවක් මෙතනදි ලැබෙනවා.. ඉතිං ඔන්න අපි  හෙමින් හෙමින් මීමුරේට එනකොට ටිකක් රෑ වුණා.. වාහනේ ගමනෙන් පස්සේ ටික දුරක් අපි ගම මැදින් අපි නවතින තැනට යන්න වුනා..සුන්දර පිළිගැනීමක් එක්කම අපූර්ව රාත්‍රීයක් අපිට සූදානම් කොට තිබුනා..
මතක් කරන්න ඕනා මෙහාට විදුලිය ෆෝන් සිග්නල් එහම මොකුත් නෑ.. පන්දම් එළියෙන් ගැමි ආහාර වේලක් සමග පිටස්තර ලෝකයෙන් පොඩ්ඩක් මිදිලා එම අත්දැකීම විදගන්න අපි පටන් ගත්තා..මෙතනදි අපි  අනිවාර්යෙන්ම මතක් කරන්න උවමනායි අපිට මේ සියළුවම දේ සදහා උපකාර කල යමං කන්ඩායම්.. ඒ වගේම මයුර අපේ මිතුරාටත්.. තව මීමුරේ ගමනේ තව කොටසක් ඊලග ලිපියෙන් ...













No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්