ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පිටවල පතන (pitawana pathana)

#තිරික්කලෙන් ගිය සවාරියේ තුන්වන ලිපියට පොඩ්ඩක් ගොඩවෙන්නකෝ. රිවස්ටන් නැගලා බඹර කිරි ඇල්ල ගාව රාත්‍රී කඳවුරු බැඳපු අපි පහුවෙනිදා උදේම පිටවන පතන බලන්න යන්න පිටත් වුනා..සුන්දර දුම්බර මිටියාවතේ ආඩම්බරකාර ලස්සන බලන්න අපිට හැදුන අපූර්ව වේදිකාව තමයි මේ පිටවල පතන.
රිවස්ටන් ඉදන් 3km ක් වගේ ඒ කියන්නේ පැය භාගයක් වගේ ඉදිරියට පල්ලම් බහිනකොට තමා පිටවල පතනට ලගා වෙන්න පුලුවන්.අපි ගියේ වියලි කාලෙක නිසා සොබාදහමේ දගකාර කාලගුණයෙන් නම් කරදරයක් වුනේ නෑ.. නැතිනම් මේ සියල්ල වසාගෙන මීදුම. 
මෙතැනට ලගා වෙනකොට සුන්දරත්වය විස්තර කරන්න බෑ.. මේ ලංකාවේද කියලා හිතෙනවා..දසත පැතිරුණු කදු වලල්ලකින් අපි වට වී ඇති බව..ඒ යෝදයන් වගේ අහසට නැග ඇති මානිගල,වන්නිමාන,ලකේගල, තුන්හිස්ගල ,නකල්ස් , ලාහුමානිගල, ගොම්මානිය , කිරිගල්පොත්ත , කවුඩාගම්මාන සහ පතනේ ගල වගේ කදු වටෙන්ම ඇති බව.තෙත් කලාපයෙන් පටන් අරන් වියලි කලාපයට දිව යන කදු පන්තිය හොදට මෙතැන සිට නරබන්න පුලුවන් .. ඒ වගේම මේ අවට විශාල දිය ඇලි ප්‍රමාණයක් තියනවා.
එතන සුන්දරත්වය විදගන්න මොහතක් නැවතුන අපි ආපහු ගමන ආරම්භ කලේ එතන සිට 1Km පමණ දුරකින් තිබෙන පුංචි ලෝකාන්තය නරබන්න යන්න. පොඩි වෙලාවක් තුල පුංචි ලෝකාන්තය නරබන්න යන්න අපි සූදානමින් එතන තියන කාර්යාලය ඉස්සරහ හිටියා.. වාහන මෙතන නවත්වා 700m ක් වගේ පයින් යන්න තමයි තියෙන්නේ.. ලොකුවට මහන්සියක් දැනෙන්නේ නෑ..ප්‍රවේශපත් නම් ලබාගන්න ඕනා.. රුපියල් 25ක් වුනේ එකක්.මෙතන හොර්ටන්තැන්නේ තිබෙන ලෝකාන්තය හා සමාන කුඩා ලෝකාන්තයක්.. 300mක් වගේ ප්‍රපාතය .. චායාරූප ගන්න නම් කියාපු තැන.. හැබැයි ගොඩක් පරිස්සමින්..එනකොට කැලේ මැදින් එන්න.. ලස්සනයි.. මෙතැන ජලය, වැසිකිලි සහ වාහන නැවැත්වීමට පහසුකම් ඔක්කන තියනවා. එහනම් #තිරික්කලෙන් #රෝන්දේ ගියා වගේ ඔයාලත් යන්න.. චායාරූප සහ මතක පමණක් ආරන් එන්න.. පාද සලකුණු විතරක් තියලා එන්න.. ලංකාව රැකගමු.. එහනම් තිරික්කලේ ඒක ගැන කියලා ඔයාලටත් ආරාධනා කරනවා. අපි සුපුරුදු #තිරික්කලේ




































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්