ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

දියළුම දිය ඇල්ල උඩට


දිය ඇලි ලගට ගිහින් උඩ බලන් දිය ඇල්ල දිහා බලාගෙන ඉන්න කාලයක් අපිටත් තිබුනා.. වාඩි වෙලා දිය ඇල්ල දිහා බලන් ඉදලා,නාන්න පුළුවන් නම් නාලා එන්න විතර හිතුන කාලයක් තිබුනා.. ඒ වුනාට ඒ ගතිය නැති වෙලා දිය ඇල්ලක උඩට නගින උණක් ඇගට ඇවිල්ලා..එහම ලගදිම ගිය තැනක් තමයි කියන්න යන්නේ.. දිය ඇල්ල තමයි දියළුම දිය ඇල්ල.. තියෙන්නේ වැල්ලවාය බෙරගල පාරේ.. පාර අයිනෙම තමයි තියෙන්නේ. දිය ඇල්ල පාමුලටම යන්න පුලුවන් වගේම නාන්න වුනත් පුලුවන් ...



අපි එතන ඉදලා නැවතුනේ නෑ.. අපිට ඕන වුනා මෙතන උඩට යන්න.. ඒකටම හරියන විදිහේ. අපි ඔක්කම 6 දෙනෙක් පිටත් වුනා පාර අහගෙන.. දිය ඇල්ල ගාව ඉදන් වැල්ලවාය පැත්තට 300m ක් වගේ යන්න ඕනා පාර හොයගන්න. පාර අයිනේ තියෙන රෙස්ටුරන්ට් දෙකම පහු කරාම වන්ගුවත් එක්කම කොන්ක්‍රීට් පාරක් තියනවා රබර් වත්තක් මැදින්.. ඒ පාර දිගේ 2km ක් විතර යනකොට පොඩි කර්මාන්ත ශාලාවක් තියෙනවා.. හොයාගන්න අමාරු නෑ.. එය පහු කරනවාත් එක්කම වමට තියෙන පොඩි පාරේ යන්න ඕනේ.එතකොට හමුවෙන ගෙවල් වලින් පාර අහගන්න හරි මගපෙන්වන්න කෙනක් කතා කරගන්න හරි පුළුවන් .. අපිට නම් හරි අපූරු සගයෙක් මුණගැහුනා..නම් දිල්බබා.. පොඩි මල්ලි කෙනක්.. එතන ඉදන් එයාගේ පස්සේන් කන්ද නගින්න තමයි තියෙන්නෙ..

ගමන නම් ලේසි නෑ..2km ක් විතර යන්න තියනවා එතන ඉදලා.. අමාරුවෙන් අපිත් උඩටම ගියා.. උඩ තියන ලස්සන නම් වචන වලට පෙරලන්න අමාරුයි.. ඒ ලස්සන ඉස්සරහ අපි ඒ තරමටම දුප්පත් වුනා..උඩ නාන්න පුලුවන් විදිහේ පොකුනු කීපයක් තියෙනවා.. ඒ වගේම camping කරන්න නම් කියාපු තැනක්.. අපේ අනිත් සගයන්ගෙන් ලැබුන සහයෝගය නම් අති විශාලයි.. ලංකාවේ අය නම් නෙවයි.. එක වෙලාවක අපි අතරමං වුනා.. කොහම හරි අන්තිමට අපි යන්න ඕන තැනට ආවා..ඒ වගේම කියන්න ඕනා මෙහේ අලි ඉන්නවා.. ඒ හින්දා ගමන පරිස්සමින් ...ගිහින්ම බලන්න..



https://www.facebook.com/pg/thirikkale/posts/






















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්