ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

අම්බුළුවාව (ambuluwawa)



තවත් වාරයක් අවසන් වෙලා නිවාඩුවක් ලැබුනා. අපිත් ඉතිං ලැබුණු වේලාවෙන් ප්‍රයෝජනයක අරන් කොහේ හරි ඇවිදින්නට කටයුතු සූදානම් කරගෙන හිටියේ කලින්ම. අපි තෝරගත්තේ නුවර පැත්ත.සුභ නැකත් බලන් නැතුව කෝච්ච්යේන් පිටත් වුනා. තෝරගත්තේ අපිට හිතසුව පිණිස තියෙන මගී ප්‍රවාහන බස් රථ සේවය. කියන්න යන තැන තමයි අම්බුළුවාව.

නුවර ඉදලා වැඩි දුරක් නෙවෙයි. නුවර - ගම්පොළ නැත්නම් හැටන් මාර්ගයේ තමයි යන්න ඕනා. ගම්පොළ නගරයට ගිහින් එතන ඉදන් තමයි අම්බුළුවාව යන මාර්ගය වැටිලා තියෙන්නේ. පොදු ප්‍රවාහන බස් වල යනවා නම් බස් ගම්පොළ නගරයේ ඉදලා විනාඩි 45න් වගේ තියෙනවා. ඒ බස් වල  නම් ගිහින් ගේට්ටුව ලගින් බහින්න පුළුවන්. ප්‍රවේශපත්‍ර අරගෙන එතන ඉදලා ත්‍රීවිල් වල තමයි යන්න වෙන්නේ කන්ද මුදුනට.

උඩට ආපුවහම නම් වෙනම කතාවක් තමයි කියන්න වෙන්නේ. සුන්දරත්වය වචන වලට පෙරලන්න හරි අමාරුයි. මුළු නුවර පළාතම , ගම්පොළ නගරයම සුන්දර කදු පන්ති වගේ ගොඩක් දේවල් මෙතනට ඉතා හොදට දැක බලාගන්න පුළුවන්.ඒ වගේම මෙතන ඉදිකරලා තියන සර්ව ආගමික දේවස්ථානය දැකබලාගන්න වන්දනාමාන කරගන්නත් පුළුවන්. මෙහි තිබෙන උමං මාර්ගය දිගේ කුළුණ වෙනකන් යන්න තිබෙන මාර්ගය.ඒක දිගේ ගිහින් කුළුණට ගොඩවුනාම වලාකුළු අතර ඉන්නවා වගේ තමයි කුළුණේ උඩටම ගොඩවුනාම. මෙතැන සිට මුළු වටපිටාවම නරඹන්න දුරදක්න ලබා දෙමින් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න සුහදශීලී මහත්මයෙක් ඉන්නවා. ඒ අත්දැකීමත් එකතු කරගන්න.හැබැයි පොඩි මුදලකින්  උදව්වක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මොකද අලුත් දෙයක් ඔහු මෙතනට එකතු කරලා තියෙනවා.
ඉතිං ඔන්න අපි පුළුවන් විදිහට විස්තරාත්මකව ඔයාලට කිවා. වෙලාවක් ලැබුණු විටෙක ගිහින් බලන්න. අපි වගේම ඒ අත්දැකීමත් ජීවිතයට එකතු කරගන්න..














No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්