Monday, November 14, 2016

උඩවලව ඇත් අතුරු සෙවන (udawalawa elephant park)


අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කියල කතාවක් අපි දන්නවනේ.. හැබැයි අලි පොඩ්ඩෝ නලියනවා දගලනවා දකිනකොට නම් ඒක මොන තරම් සුන්දර හිත සනසන දෙයක්ද කියලා හිතා ගන්නවත් බෑ.. එහම තැනක් ගැනයි මේ කියන්න යන්නේ.. ඒ උඩවලව ජලාශය ආසන්නයෙ පිහිටලා තියන උඩවලව ඇත් අතුරු සෙවනයි. අසරණ වුන රැකවරණයක් නොමැති අහිංසක අලි පැටවුන් විශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඒ වගේම අසරණ වුන තවත් සතුන්ටද මෙතනදි රැකවරණය ලැබෙනවා.



මෙතන නරඹන්න නම් ප්‍රවේශ පත්‍ර ලබාගන්න ඕනා වන අතරම මෙය නරඹන්න නියමිත වෙලාවකුත් තියනවා. අපි නම් ගියේ හවස 4.30 වෙලාවට නරඹන්න. ඒ වෙලාවට මේ අලි පැටවුන් කිරි පොවන වෙලාව. ඒ වෙලාවට තමයි මේ අලි පොඩ්ඩෝ එයාලගේ සංදර්ශන පෙන්වන්න පටන් ගන්නේ.. කවුරුත් පුරුදු කරලා එහම නෙවයි. ඒ මෙයාලගේ දග වැඩ.. වෙලාව නම් යනවා දැනෙන්නේ නෑ ඇත්තටම.ඒ වගේම තව බලන්න පුළුවන් කෞතුකාගාරයක් වගේම තව දේවල් කිහිපයක්ම තියෙනවා. තොරතුරු දැනගන්න ඉතාමත් හොද කාර්ය මණ්ඩලයක් ඉන්න වග ඉතාමත් සතුටින් වගේම වගකීමක් ඇතුව කියන්න ඕනා..
අපි නම් ඒ අත්දැකීම විදගත්තා. ඔයාලාගේන් වෙනදා වගේම ඉල්ලනේ නිවාඩුවක් ලැබුණු වෙලාවක යන්න . ඒ වගේම මෙතැන කටයුතු වලට ඔබටද දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ පිළිබඳවද ටිකක් සිතා බලන්න.. ඒ පිළිබඳ තොරතුරු එතැනදී දැනගන්න පුළුවනි.. එහනම් වෙලාවක් තිබුනොත් ගිහින් බලන්නකෝ













අම්බුළුවාව (ambuluwawa)



තවත් වාරයක් අවසන් වෙලා නිවාඩුවක් ලැබුනා. අපිත් ඉතිං ලැබුණු වේලාවෙන් ප්‍රයෝජනයක අරන් කොහේ හරි ඇවිදින්නට කටයුතු සූදානම් කරගෙන හිටියේ කලින්ම. අපි තෝරගත්තේ නුවර පැත්ත.සුභ නැකත් බලන් නැතුව කෝච්ච්යේන් පිටත් වුනා. තෝරගත්තේ අපිට හිතසුව පිණිස තියෙන මගී ප්‍රවාහන බස් රථ සේවය. කියන්න යන තැන තමයි අම්බුළුවාව.

නුවර ඉදලා වැඩි දුරක් නෙවෙයි. නුවර - ගම්පොළ නැත්නම් හැටන් මාර්ගයේ තමයි යන්න ඕනා. ගම්පොළ නගරයට ගිහින් එතන ඉදන් තමයි අම්බුළුවාව යන මාර්ගය වැටිලා තියෙන්නේ. පොදු ප්‍රවාහන බස් වල යනවා නම් බස් ගම්පොළ නගරයේ ඉදලා විනාඩි 45න් වගේ තියෙනවා. ඒ බස් වල  නම් ගිහින් ගේට්ටුව ලගින් බහින්න පුළුවන්. ප්‍රවේශපත්‍ර අරගෙන එතන ඉදලා ත්‍රීවිල් වල තමයි යන්න වෙන්නේ කන්ද මුදුනට.

උඩට ආපුවහම නම් වෙනම කතාවක් තමයි කියන්න වෙන්නේ. සුන්දරත්වය වචන වලට පෙරලන්න හරි අමාරුයි. මුළු නුවර පළාතම , ගම්පොළ නගරයම සුන්දර කදු පන්ති වගේ ගොඩක් දේවල් මෙතනට ඉතා හොදට දැක බලාගන්න පුළුවන්.ඒ වගේම මෙතන ඉදිකරලා තියන සර්ව ආගමික දේවස්ථානය දැකබලාගන්න වන්දනාමාන කරගන්නත් පුළුවන්. මෙහි තිබෙන උමං මාර්ගය දිගේ කුළුණ වෙනකන් යන්න තිබෙන මාර්ගය.ඒක දිගේ ගිහින් කුළුණට ගොඩවුනාම වලාකුළු අතර ඉන්නවා වගේ තමයි කුළුණේ උඩටම ගොඩවුනාම. මෙතැන සිට මුළු වටපිටාවම නරඹන්න දුරදක්න ලබා දෙමින් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න සුහදශීලී මහත්මයෙක් ඉන්නවා. ඒ අත්දැකීමත් එකතු කරගන්න.හැබැයි පොඩි මුදලකින්  උදව්වක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මොකද අලුත් දෙයක් ඔහු මෙතනට එකතු කරලා තියෙනවා.
ඉතිං ඔන්න අපි පුළුවන් විදිහට විස්තරාත්මකව ඔයාලට කිවා. වෙලාවක් ලැබුණු විටෙක ගිහින් බලන්න. අපි වගේම ඒ අත්දැකීමත් ජීවිතයට එකතු කරගන්න..














අරන්කැලය ආරණ්‍යසේනාසනය (arankale temple)



 
සිත නිවන සැනසීම දනවන  ස්ථාන ලංකාව පුරාම තියනවා. හැබැයි ගොඩක් අය දැනගෙන  ඉන්නේ බොහම සුළු ස්ථාන ප්‍රමාණයක් තමයි.ගොඩක් ඒ වගේ ස්ථාන ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධයි.අපි ඒ වුනාට අද කියන්න හදන්නේ ඒ වගේ ප්‍රසිද්ධ නැති, පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩක් සිත් ගන්නා තැනක් ගැන.



කුරුණෑගල-දඹුල්ල පාරේ කුරුණෑගල ඉදලා  12Km ක් විතර යනකොට ඉබ්බාගමුවෙන් මඩගල්ල පාරට හරවලා 5Km ක් විතර යනකොට මෙතනට ළගාවීමට පුළුවන්.
ආරාමයත් සමග ප්‍රදේශය පුරා විහිදී තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටබුන් දකින්නට පුළුවන්. උදෑසන කාලය හෝ සවස් කාලයක යන්නට පුළුවන් නම් සුන්දර අත්දැකීමක් පරිසරය තුලින් දැකගන්න පුළුවනි.




ඒ වගේම කියන්නම අවශ්‍යය දෙයක් තමයි මෙහි භාවනා යෝගී ස්වාමීන් වහන්සේවරු වැඩ සිටිනවා. අවේලාවේ  භාවනා කුටි අසලට යාමෙන් සහ ඝෝෂාකාරී නොවන ලෙස හැසිරීමට වගබලාගන්න.