ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

රූමස්සල(Rumassala)

මෙවර තිරික්කලේ අපි ගොඩ වූයේ රූමස්සලටයි.රූමස්සල කදුවැටිය  සංචාරකයන්ගේ සිත් ගන්නා  ගාල්ලේ තවත් ස්ථානයකි. මෙම කදුවැටිය දක්නට ලැබෙන්නේ බොනවිස්ටා ග්‍රාම නිලධාරී කොට්ටාසයේය. ඓතිහාසික කතා පුවතක් වූ රාමයනයෙහි රාමා රාවණ යුද්ධයට සම්බන්ධයක්  දක්වන රූමස්සල කදුවැටිය අඩි 200 පමණ උස කදුවැටියකි.

මෙහි කදුවැටිය ආසන්නයේ වෙරළබඩ වෘක්ෂලතාදියෙන් යුක්ත වන අතර කදු ගැටය මැදට වන්නට රට තුල දක්නට ලෑබෙන වෘක්ෂලතාදියෙන් යුක්තය.ඖෂධ උයනක් ලෙස සැලකුණ රූමස්සලට දේශීය වෙදුන් ඖෂධ පැළෑටි සොයා පැමිණිම අඩුවී ඇත්තේ ක්‍රමයෙන් සංචාරක ව්‍යාපාරයෙන් එන කර්මාන්ත තුලින් ස්වාභාවික වෘක්ෂලතාදිය විනාශ වී ඇති බැවිනි.

කන්ද මුදුනේ සතුරු නැව් මුලා කිරීමට ආලෝක පහන් යොදා ගැනීමට ලන්දේසින් විසින් තනන ලද පැරණි කුළුණක්ද දක්නට ඇත . මෙම කදු ගැටයේ මාර්ටින් වික්‍රමසිංහ වැනි ගත් කතුවරුන්ගේ ශිල්ප හැදෑරු බොනවිස්ටා මහා විද්‍යාලය , වැඩිහිටි නිවාසය , වරාය , තානායම සහ සාම ෛච්ත්‍යයද දේවස්ථානයක්ද පිහිටා ඇත .


No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්