රත්න ඇල්ල Waterfall
රත්න ඇල්ල
========
හසලක, මහියංගණය
ලංකාවේ 14 වෙනියට උසම දිය ඇල්ල වන මේ සුන්දරිය මීටර 101 ක් උසයි. ඒ වගේම පළලින් වුනත් පලමු දිය ඇලි කිහිපය අතර සිටිනා දිය ඇල්ලක්. ඒ නිසාම ලංකාවේ සුන්දරම දිය ඇලි වලින් ඉදිරියෙන්ම ඉන්න මෙයාට පුලුවන් වෙලා තියනවා. මෙතනට ලගා වෙන්න නම් කිලෝමීටර කිහිපයක් පයින් යන්න නම් සිදු වෙනවා. තැන් දෙකක් පමන ටිකක් දුශ්කර වුනත් ඕනාම කෙනෙකුට යන්න පුලුවන් ගමනක් තමා මේ. මතක් කරන්න ඕනේ දේ තමා ප්රවේශපතක් මිලදී ගන්න වෙනවා මෙය නැරඹීමට යෑමට. වැදගත්ම දේ තැන් කිහිපයකම "නෑමට සුදුසු නැත" කියන පුවරු දැකගන්නට ලැබෙනවා. ඒවැනි තැන් වලට බැසීමෙන් වලකින්න කියලා ආදරෙන් ඉල්ලනවා. නෑමට සුදුසු තැන් කීපයක් තියනවා.. එවැනි තැනක් තෝරාගන්න හැම වෙලාවකම.
මේ සුන්දර ලංකාවේ තවත් එක ඇස් අදහා ගත නොහැකි තැනක් තමා මේ.. ඉතිං ගිහින් බලන්න.. මේ තිරික්කලේ අපි අවසන් වරට ගිය ගමනේ මතක...
No comments: