ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Fly Geyser Nevada

 Fly Geyser Nevada

උතුරු වොෂෝ ප්රාන්තයේ නෙවාඩා හී, බ්ලැක් රොක් කාන්තාරයේ නිරිතදිග මායිමේ, රෙනෝ සිට සැතපුම් 120 ක දුරක් ඇතුලත Burning Man පෙදෙසේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති, Star wars වැනි ප්රබන්ධ චිත්රපටියක පසුබිම් දර්ශනයක් සේ පෙනෙන, තැන් තැන් වලින් වාෂ්ප පිට කරන, උනු දිය උල්පත් සහිත මේ අද්භූත වෛවර්ණ ගොඩැල්ල කුමක්ද?
මේ ෆ්ලයි ගීසර් නමින් හඳුන්වනු ලබන උනු දිය උල්පතයි.
මෙම උල්පත මිනිස් ක්රියාකාරකම් නිසා ආරම්භයක් ලබාගත් ස්ථානයක්. 1916 දී ළිඳක් කැණීමේදී අහම්බෙන් මෙන් මෙහි ස්වභාවික භූගත උනුදිය ධාරාවක් පවතින බව සොයාගෙන ඇති අතර බලශක්තිය නිපදවීම සඳහා පරීක්ෂණ කර, අවශ්ය තරම් උනුසුම නොතිබූ නිසා අත්හැර දැමූ ව්යාප්තියක්.
නැවතත්, 1964 දී මේ ස්ථානයේ භූතාපජ බලශක්ති සමීක්ෂණ කීපයක සිදු කර ඇති අතර එහිදී අනතුරකින් පුපුරා යෑමකට ලක්වී, පොලෝ ගර්භයේ එක් රැස්වී තිබූ ඛනිජ වලින් පොහොසත් උණුසුම් ජලය උල්පතක් ලෙස පොලව මතුපිටට පැමිනීමට පටන් ගත් නිසා එම සමීක්ෂණ ද නවතා අතහැර දමා ඇත.
කාලාන්තරයක් තිස්සේ තැන් තැන් වලින් උනු ජලවාෂ්ප පිට කරමින් උල්පත් වලින් ගලා යන ජලයේ, බහුලව ඇති කැල්සියම් කාබනේට් නැතිනම් කැල්සයිට්, තැන්පත් වීමෙන් මෙම අත්භූත පෙනුම ඇති උල්පත් ගොඩැල්ල නිර්මානය වීමට පටන්ගෙන ඇත. එමෙන්ම ජලයේ අඩංගු යකඩ නිසා රතු පැහැයද, සල්ෆර් නිසා කහ පැහැයද, වෙනත් විවිධ ඛනිජ වර්ග නිසා අනෙකුත් පැහැයන් මෙන්ම ඇල්ගී නිසා කොල පැහැයද ලබමින් වෛවර්ණව අඩි 10ක් පමන උසට අද්විතීයව නිර්මානය වී ඇත.
Burning Man ව්යාපෘති සංවිධානයේ පුද්ගලික ඉඩමක පිහිටා තිබෙන නිසා ෆ්ලයි ගීසර් සංචාරකයන්ට විවෘත වී නොතිබුන අතර මෑතක සිට වසරේ එක් කාලයකදී පමනක් සංචාරකයන්ට, මුදල් ගෙවා කඳවුරු බැඳීම් හා කාන්තාර තරන අද්දැකීම් සමග ෆ්ලයි ගීසර් නැරඹීමේ අවස්ථාව ඉඩම් හිමිකරුවන් විසින් ලබාදී ඇත.
ඉතින් නෙවාඩා හි සංචාරය කිරීමට අදහස් කරන්නෙ නම් මේ අද්විතීය අද්භූත උනුදිය උල්පත නැරඹීමට නම් අමතක කරන්න එපා! එය එතරම්ම සුන්දර අද්දැකීමක් වේවි!
තිරික්කලෙන් ලොව වටා- ✍️ Darya
සේයා රූ අන්තර්ජාලයෙන්







No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්