දකුණු ඇමරිකාවේ දේදුනු ගංගාව
දකුණු ඇමරිකාවේ දේදුනු ගංගාව
දේදුන්නක අවසානය කුමක් විය හැකිද? සමහර කතන්දර වලට අනුව, දේදුන්න පටං ගන්නෙත් ඉවර වෙන්නෙත් රන්කාසි පුරවපු බඳුනකින් ලු! කවද හරි හිතලා තිබුනද දේදුන්නක් - අත්‍යාලංකාර හා වර්ණවත් ගංගාවක් තුල දියවී තිබිය හැකි බව?
කොලොම්බියාවේ La Macarena හි Caño Cristales ගංගාව "පංච වර්ණ ගංගාව" (River of five colors) නැතිනම් "ද්‍රවමය දේදුන්න" (Liquid Rainbow) ලෙස නම් කර ඇත්තේ සුපැහැදිලි ජලයට පහළින් දැකගත හැකි සුන්දර වර්ණ නිසායි. මෙම ගංගාව හොඳින් ඉර පායා ඇති දිනවල, දීප්තිමත් කොළ, කහ, රතු සහ දම් පාට ස්මතු කරමින් ගලා බසින බව සඳහන් වේ.
එමෙන්ම සමහර අවස්ථා වලදී මේ සුන්දර ගංගාව දීප්තිමත් නිල්, තද රෝස, තැඹිලි හෝ අඳුරු මෙරූන් පැහැයකින් ද දිස්වන බව පැවසේ.
මේ වර්ණවත් ගංගාවට, මෙතරම් සජීවී හා මායාකාරී පෙනුමක් ලබන්නේ විශේෂිත ජලජ පැලෑටියක් වන මැකරේනියා ක්ලැවිගෙරා (Macarenia clavigera) නිසායි. මෙම ජලජ ශාක විශේෂය අපි නිතර දකින ඇල්ගී හෝ පාසි මෙන් ජලය තුල වැවෙන වර්නවත් ශාක විශේෂයක් බවයි Algae World News වාර්ථා කරන්නේ. ගංගාවේ මනබඳින වර්ණ ඒ ආකාරයෙන්ම දැක ගැනීමට නම් හොඳින් හිරු එලිය වැටී තිබීම වගේම ජල මට්ටම සාමාන්‍ය පරිදි පැවතීමත් එක සේ වැදගත්. කාලගුනයේ වෙනස්කම් සමගම මේ ගංගාවේ වර්ණ ද විශාල වශයෙන් වෙනස්වන බව සඳහන්.
ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය ලෙස පවතින විට ජලය මතට හිරු එලිය පතිත වී ගඟ පතුලෙ ඇති මෙම මනරම් ශාක වල වර්ණයන් පරාවර්තනය කල හැක. නමුත් ජල මට්ටම ඉහල ගොස් ඇති අවස්ථා වලදී මෙන්ම හිරු එලිය අඩු අවස්ථා වලදීද මෙම වර්ණ නොපෙනී යයි. එමෙන්ම එවැනි කාල වලදී මෙම ශාක දුඹුරු පැහැයට හැරී මැරී යයි.
සාමාන්‍යයෙන් ජූලි සිට නොවැම්බර් කාලයේ මෙම වෛවර්ණ ගංගාව වර්ණ වල උච්චතම අවස්ථාවට එලඹෙන බව පැවසේ. ගඟට යාමට නම්, සංචාරකයින් ප්‍රථමයෙන් මධ්‍යම කොලොම්බියාවේ Villavicencio වෙත පියාසර කළ යුතු අතර, පසුව La Macarena වෙත යාමට වෙනත් ගුවන් යානයක් කුලියට ගත යුතුය. එහිදී, සංචාරකයින්ට ගඟට ප්‍රවේශ විය හැකි තරමක් හුදකලා කඳු පන්තියක් වන Serrania de la Macarena වෙත ඔවුන් රැගෙන යාමට මාර්ගෝපදේශයක් සොයාගත හැකිය.
දේදුනු ගඟ ලොව පුරා සංචාරකයන්ගේ චායාරූප මර්මස්ථානයක් බවට පත්වී තිබේ. එමෙන්ම සමහර කොටස්වල පිහිනීමටද හැකි නිසාද මේ වෙත සංචාරකයන් පැමිනේ. කෙසේ වෙතත්, මෙහි වර්ණයන් රඳා පැවතීමට නම් මේ අනර්ඝ ජලජ පැල ආරක්ෂා කරගත යුතුය. එහෙයින් මෙම ගංගාවේ දිනකට පිහිනීමට අවසර ඇත්තේ පුද්ගලයින් 200 දෙනෙකුට පමණි.
ඉතින් කවදාක හෝ දකුනු ඇමරිකාවට සංචාරක් යන්නෙ නම් මේ සුන්දර ගංගාව නැරඹීමට අමතක කරන්න එපා. එය ජීවිත කාලයටම සුන්දර මතකයක් වේවි!
Travel Plus Leisure ඇසුරෙන්-Darya Denali Gunasekara
No comments: