ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

-උඩගල්දෙබොක්ක- [ Hidden village in sri lanka ]

 -උඩගල්දෙබොක්ක-

ලංකාවේ හුදකලා වුන ,සැගවුනු තවත් එක් දුශ්කර ගම්මානයකට අපි ගිය ගමනේ මතක ව්ස්තර ගෙන එන්න පෙර පොඩි කෙටි හැදින්වීමක්.. මේ අපි මහියංගණය ,හසලක,උඩත්තුව හරහා උඩගලදෙබොක්ක ගම්මානයට ගිය ගමන. පවුල් 33 ක් ජීවත් වෙන සුන්දර ගමේ දවස් දෙකක් ගෙවපු දැකපු අත්විදපු දෑ අපි ගෙන එන්නම්. ඔවුන්ගේ ජීවිත සටන අරගලය ගැන අපි කියන්නම්.. පුලුවන් විදිහට ආරක්ශා සහිතව යන්න මේ ගමට.. ඒ සුන්දරත්වය අත්විදින්නට වගේම ඔවුනට ආර්ථික සවියක් වෙන්න.. මේ කෙටි ලිපියක්.. ඉදිරියට සම්පුර්ණ විස්තර සහිත ලිපි පෙලකින් හමුවෙමු.. එතෙක් අපි එක්කම ඉන්න..

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com


ඔය ගමට යන අතර මගදී හේන් යායට ඉහලින් පේන්නෙ 'යහන්ගල'. ගොඩක් කදු නගින්නන් අතර ගොඩක් ප්‍රසිද්ධ තැනක්. අපේ පරණ ලිපියක් ඇති අපි ගිය ගමන් ගැන. අපි අද යන්නේ යහන් ගලින් මෙහා පැත්තට. 

ගමේ ඉස්කෝලේ ලග පිට්ටනියට ආවම මේ දර්ශනය බලාගන්න පුලුවන්. ඈතින් ඈතට විහිදෙන දර්ශනයට අම්පාර වගේම මහියංගනය පේනවා.. 

තමන්ගේ හේන් භෝග වගාව වන සතුන්ගෙන් රැක ගන්න ගැමියෝ හදාගන්න පැලක්. මේ වගේ පැලක් හැම හේනකටම තියනවා. මේ ගැමියෝ නම් කියන්නෙ මේකට අට්ටාලේ කියල. මීට අමතරව මෙයාලා බිම මැටියෙන් ලොකු පැළක් තව හදනවා. ටිකක් විශාලෙට. අස්වනු නෙඅලනකන් පවුල් පිටින් මේවගේ තමා ඔවුන්ගේ දවස ගෙවෙන්නේ.. 

උඩගල්දෙබොක්ක ගමේ ආදරණීය පිරිසෙන් ටික දෙනෙක් මේ. ගමේ මේ වෙනකොට පවුල් 35ක් විතර ජීවත් වෙනවා. 

මහින්ද අයියලාගේ ගෙදර එලිපත්තට වෙලා පොඩි ආගිය විස්තර ටිකක් කතා කරන ගමන්. මේ ගෙවන ජීවිතය ගැන.

මහින්ද අයියලාගේ ගෙදර එලිපත්තට වෙලා පොඩි ආගිය විස්තර ටිකක් කතා කරන ගමන්. මේ ගෙවන ජීවිතය ගැන.

හේනේ පැලේ. මේ කුරහන් වගාව. තාම කිරිවැදිලා නෑ. මේ තමා අපේ දෙවනි දවසේ නවාතැන් පොල. 8කට වගේ ඉන්න පුලුවන් ගිනි තපින්න ලිපක් එහම තියන පැල. ඈතට පේන්නෙ පොලොන්නරුව ගල් ඔය පැත්ත. 

කුරහන් මිශ්‍ර රොටී එක්ක නයි මිරිස් සම්බෝල. ඒ සැර කැපෙන්න කිතුල් හකුරු එක්ක කහට කෝප්පයක්.. ඒක වෙනම ලෝකෙක කෑම වට්ටෝරුවක්...

ඔය නම් ගමට යන අතර මග.. "ඔතන ඉදලා තව ටික දුරයි". එහම තමා කීවේ. ටික දුර කියාගන්න තේරෙන් නෑ..


No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්