මී හරකා (Sri Lanka)
මී හරකා
ඇවිදින්න යන සංචාරය කරන්න යන කාට වුනත් මේ රට ඇතුලේ ගමක් ඇතුලට ගියත් වනෝද්‍යානයකට ගියත් දකින්න ලැබෙන සතෙක්ගේ බැල්මක් තමා මේ. ගොඩක් අයට මේ බැල්ම හරි හුරු පුරුදු වගේම සෑහෙන සොදුරු මතක ගෙනෙනවා වෙන්න පුලුවන් හිතට. මොකද ඔය බැල්මට පසුව වෙන්න තියන සිද්ධිය ටිකක් භයානක වගේම විනෝදජනක වෙන්නත් පුලුවන්. මොකද බැල්මෙන් පස්සේ ඉවර වෙන්නේ බොහෝ වෙලාවට දිවීමකින්ම තමා.
අපිටත් ඔය වගේ මතක නම් ඕනා තරම් කියන්න තියෙනවා. හැබැයි මතක් වෙනකොට හිනා යන සොදුරුම මතක දෙකක් තියනවා මානිගල ගමන් වලදී. එකක් වල්පොල මුල්ලට ගිහින් ආපසු එන ගමනේදී ඇටන්වල ගමට කිට්ටුවෙන් කන්ද බැහැගෙන එනකොට එක පාරටම කඩා පාත් වුන මී හරක් රංචුව. ගමේ ඉන්දික අයියගේ මාමෙක් සමග ගුණසිරි අයියා කුඹුරු වැඩ ඉවර නිසා හරක් පට්ටිය කැලේට යවන්න දක්කන ගමන් හිටියේ. අපිත් ඒ වෙනකොට දුවාගන්න බැරි තරම් මහන්සියෙන් ආව නිසා කරගන්න දෙයක් නෑ. හරක් පට්ටියේ නාම්බෝ දෙතුන් දෙනෙක්ම ටිකක් කුලප්පු වෙලා හිටියේ. මහන්සිය පැත්තක තියලා පාරෙන් හෙල පැත්තට බැස්සේ අමාරු අමතක කරලා. මේ ගම් තුලාන වල කුඹුරු වැඩ ඉවර වුනාම ගොඩක් මී හරක් රංචු ආපසු කැලයට ගිහින් දානවා ඊලග කන්නය එනකන් නිදහසේ ඉන්න. ඒ ගොඩබෝග වලට කරන හානියත් වලක්වාගන්න. අයිතිකාර අයට හරකා දිහා බලලා තමන්ගේ සතාව අදුරගන්න පුලුවනි කොහේ කොතරම් දුරක සිටියත්.
මේ කියන කතාව එක්ක තවත් කතාවක් මේ වගේම සිද්ධියක් වුනා අපිට ඇටන්වල ගමේදී.. ඒ මානිගලා නැගලා බැහැගෙන ඇවිත් ගම පහු කරන් වෙල් යාය මැදින් තෙල්ගමු ඔය දිහාට එනකොට. ඒ වෙන්කොට එතන නඩයේ 6 දෙනෙක් විතර හිටියා. ඔහම බැල්මක් දාපු මී හරක් නාම්බෙක් එක පාරම පන්නන් එන්න ගත්තේ හිතපු නැති විදිහට.. සී සී කඩ දුවපු කස්ටිය ආපහු එකතු වුනේ තෙගමු ඔයේ පාලම ගාවින්. එකට අත්වැල් අල්ලන් ආපු ඔය යාලුවෝ එහම තමන්ගේ යාලුවා මතක් වෙලා හොයන්න ගත්තේ පාලම හරියට ඇවිත් මහන්සි එහම නිවුනට පස්සේ මතක් වෙලා..
No comments: