-ඇවිදගෙන යමු-
ඇවිදගෙන යමු
හුස්ම වැටෙන මැශින් වගේ ජීවත් වෙන කාර්යබහුල ජීවිතෙ ඇතුලෙ අපිට අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවිතෙ විදින්න වගේම සිතට ගතට මනසට සැහැල්ලුවක් දෙන්න, විවේකයක් නිවාඩුවක් දෙන්න මේ පුංචි රට ඇතුලේ හරි ලේසී.
අපේ ජීවිතේ සමහර දේවල් තීනවා හේතුවක් නැතුව පටන් ගත්තත් අවසනයේ ලොකූ තේරුමක් ලැබෙන. අන්න ඒවගෙ හේතුවක් නැතුව පටන් අරන් හේතුවක් හොයන් හේතුවක් එක්ක ඇවිදන් යන්න.
- තමන්ට ඕන වගේම අනුන් කියන නිසාත් ඇවිදලා බලන්න, රැල්ලට හරි ඇවිදින්න.
- ජීවිතෙ ලස්සනම මතකයක් විදිහට පොටෝ එක්ක ගහන්න හරි ඇවිදලා බලන්න.
- තනියම වගේම කට්ටිය එක්ක ඇවිදින්න. ඒ දෙකේම ලොකු වෙනස් කමක් තීනවා.
- හිර වුන ජීවිත වලට නිදහසක් දෙන්නත්, පෑරුන හිත් වලට ජීවයක් දෙන්න වගේම නැතිවුන මගහැරුන ජීවිතේ තමන්ගෙ කියලා දැනෙන තරමට විදින්න.
- නිදසේ ජීවිතේට හුස්මක් ගන්න ,දුක අමතක කරන්න ,සතුට ලංකර ගන්න ඇවිදින්න.
- පහසු මෙනම දුශ්කර තාවයන් තුලින් ඇවිද යන්න.
- ගිය නොගිය තැන් වල ඇවිදින්න.
- විදපු විදවපු හැම තැනම ඇවිදන් යන්න.
- අරුතක් හොයන ජීවිත වලට අරුතක් එක්කර ගන්න,මතකයන් පාරන හිත් වලට සැනසීමක් ගෙන්න ඇවිදින්න....
එතකොට ජීවිතෙ මග ඇරනු හැමදේම ආපස්සට ලැබුනා වගේ දැනෙයි සබාදහම එක්ක ජීවත් වෙන්න ජීවිතේ ගෙවන්න හරිම ලේසියි ඒකට ඇබ්බැහි වෙන්න ඔව් ඇවිදින්න ඇබ්බැහි වෙන්න .
අපි ඇවිදපු තැන්වලින් දූවිලි ඇල්ල ගිය ගමනේ මතක අහුරක් මේ එක්කම අපි බෙදාගන්නවා ඉතින් එන්න ඇවිදන් යන්න. මේ අපේ බුද්දි මල්ලිගේ Buddhi Niluksha Photography එකතුවක් තිරික්කලේ එක්ක දූවිලි ඇල්ල ගිය ගමනේ. ඒ ගමනේ විස්තර එක්ක හමුවෙමු.
No comments: