ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"කුනන්දුර විලා" (Kunandura Villa)

 "කුනන්දුර විලා" (Kunandura Villa)


 "කුනන්දුර විලා" (Kunandura Villa) ටිකක් අමුතු හුරුපුරුදු නැති කනට හුරු නැති නමක් නේද. .? ඔව් මේ නම වගේම තැනත් වෙනස්. කොරෝනා ඉවර වෙලා නිදහසකට වෙනසකට එක්ක කොහේ හරි යන්න ඉන්නවා නම් , නිවාඩුව ගැන දැනටමත් අදහසක් සැලැස්මක් තියනවා නම් ඒ ගැන පොඩ්ඩක් ආපහු සැරයක් හිතලා බලන්න වෙනස් කරගන්න අපි දෙන්න යන පොඩි මානසික අල්ලසක් මේ. බෙන්තර ගගෙන් එහාට පැනලා දකුණු පළාතට යනවා නම් ගාල්ලයි හික්කඩුවයි අතර බූස්සේ තියන වෙනස්ම තැණක් තමා මේ. කොලඹ මාතර ප්‍රධාන මාර්ගයේ ඉදලා කිලෝමීටර් 2ක් වෙන්නට ගමක් මැද පිහිටි සුන්දර තැනක් තමා මේ. හැබයි මුහුදු වෙරලට නම් මහ දුරක් නෑ. 

ගම මැද්දට වෙන්න පිහිටි මෙහි අඩිය තියන වෙලාවේ ඉදලා දැනෙන මානසික නිදහස මානසික සුවය අත්විදින්නම වෙනවා වචන කරනවට වඩා. කුරුදු පොල් වතු වලින් වටවුනත් වෙලාවක් අවේලාවක් නැතුව ගත සිත නිවාගෙන වෙල් යාය දෙසින් හමන සුලග විදින්නට තේ එකෙක් හදාගෙන තන්කොල වවපු මිදුලේ තියන ඔන්චිලාවේ ඉදගන්නම ඕනා. හැම වෙලේම ගත කරන ඩිජිටල් ලෝකෙන් එලියට එන්න වට පිට ඇවිදින්න. ටීවී නම් නෑ බලන්න හැබැයි ඔයාට පුලුවන් වෙන්දා නොකලා නම් ඒ වෙලාව ගෙදර අය එක්ක එකට ඉන්න. ඒක දැනේවී වෙනදට වඩා හොදට මෙතන.

වෙනදට කාපු කෑම රටාවට පොඩ්ඩක් වෙනසක් කරගෙන ඉදගන්න පුලුවන් මෙතනදි ඔන්න ගමේ රස කෑම මේසයකට. බිත්තර ආප්ප, කට දන ලුනු මිරිසක් එක්ක උනු උණුවේ පොල් රොටීයක්, මාලු ජාඩියක්, කොල කැඳ කෝප්පයක් විතරක් නෙවෙයි කාලා බලන්න බත් සම්බෝල එක්කලා ව්‍යාජන කීපයක් ගමේ විදිහට. අතුරුපස වුනත් වරකා , කිරි පැණි විතරක් නෙවෙයි ගමේ පලතුරු වලින් හැඩ කරනවා සේවයකට එහා ගිය ලෙන්ගතුකම් එක්කම.

වෙනසකට එක්කලා යෝග එහමත් කරන්න පුලුවනි ආසයි නම් කරලා බලන්න ඕනා නම්. ඒක ටිකක් කල් තියා කියලා තියන්න.එතකොට ඒක ලේසී යන ඔයාලටත් කරන එයාලටත්. උදේම හරි හවසට හරි සයිකලයක යන්න පොඩි රවුමක් ගම වටේ. පොඩි පාරවල් අස්සෙන් නිදහසේ සැනසීමේ. එහම නැතිනම් බයිසිකලේම යන්නකෝ මුහුදු වෙරලට ෛර බහිනකොට හවසට හරි ඉර පායනවා බලන්නට උදේ පාන්දරම හරි. ඔය කියන්න තියන පොඩ්ඩයි. ගිහින්ම බලන්න විස්තර.. යන්න කලින් වෙන් කිරීමක් කරගන්න.. 077 569 6614 





















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්