උඩුදුම්බර/රන්දෙනණිගල සහ හේනක පැලක ලිපි පෙලේ අවාසානයට
හේනක පැලේ ලිපි පෙලේ අවසාන ලිපියට අපි ආවා. අවසන් ලිපියෙන් ගමනේ මගක් ගැන විස්තර අපි කීවා. එතැන් පටන් පැය කීපයක දුශ්කර ගමනකට පස්සෙ හේනට ලං වෙන්න අපිට හැකි වුනා. කුඹුරු යායට ඇතුල් වෙන තැනම තියන කුඹුක් ලිදෙන් වතුර ටිකක් බීපු ගමන් මහන්සිය නම් කොහෙන් ගියාද දන්නෑ. පස්සේ තමා දැනගත්තේ ගමේ අය මෙතනට සමහර කාල වලදී එනවා කියලා නාලා යන්න. අපිට නම් නිකන් උස්සලා පොලවෙ ගහනවා වගේ ඒ කතාව. හැබැයි අපිට ඒ කතාව අත්දැකීමෙන් දකින්නම ලැබුනා. කදු සහ කුඹුක් ගස් වලින් වටවුන කැලෑ තුලින් පැය කිහිපයකට පස්සෙ අපි වෙල් යායේ පැල අසල හිටියෙ මහන්සි නිවාගනගන්න ගමන්. මුදලාලි අයියා සමග අනික් මුදලාලි අයියා රෑ කෑම උයන්න ලහි ලහියේ ලෑස්ති වුනා. මහන්සිය යන්න කුඹුක් ලිදෙන් හොදට නාගෙන අපි වාඩියේ කෑමකට සෙට් වුනේ තවත් වෙනස්ම අත්දැකීමක් විදිහට. අවට අලි වල් ඌරෝ ගෝන්නු ගැවසෙන බවට රෑ වෙනකොට නම් හොදට තේරුනා. ඒවත් එක්ක අපේ මුදලාලිලාට අත් විදින්න වුන හොල්මන් කතා වගේම වෙනස් කතා ගොඩක් බෙදාගන්න පටන් ගත්ත අපි එක්ක ඔන්න. මේ ජීවිතේ තියන සුන්දර සහ කටුක ගතිය කලවන් වුන සතුට දුක එක්කම වමාරන්න ගත්තේ ජීවිතේ තවත් මිනිස්සුන්ගේ එක ජීවන සටනක් ගැන අත්දැකීම් අපිට අඩුපාඩු නැතුව බෙදමින්.
පහුවදා උදේම අපි පිටත් වුනේ රන්දෙණිගල ජලාශයේ නාන්න යන්න. අතරමග මුව ගෝන්නුන්ගේ අං වගේම ඇටකටු කොටස් වලින් පෙන්නුවේ දඩයම්කරුවන්ගේ බලපෑම් රක්ශිතයට නොඅඩුව ලැබෙන බවයි. ජලාශ වේල්ල පේන මානයේ පැය කීපයක් නාගෙන ආපහු පැලට ඇවිල්ල හොදට කාල කුඹුක්ගස් හෙවනක ගල් තලාවක හොද නින්දකුත් දාලම තමා එන්න පිටත් වුනේ.
කියපු විස්තර අනුව මඩුගල්ලේ දිසාව හැංගිලා ඉදපු එක් ප්රදේශයක් විදියට තමා මේ ප්රදේශය ප්රසිද්ද. පැරණි නිවාස කිහිපයක නටබුන් පවා අවට තාම දැකගන්න පුලුවන්.මේ වෙනකොට නම් වගාවන්ට විතරයි මේ හේනට ගම්මු එන්නේ. අස්වැන්න මෙහේ ඉදලා ගමට අරන් යන්න මෙයාලා තාමත් යොදාගන්නේ ගවයින්ගේ තවලම්. අපිට වෙනස් සුන්දර අත්දැකීමක් වුනාට මේ මිනිසුන් ගෙවන්නේ ලේසි පහසු ජීවිතයක් නෙවෙයි. ඒ තනිකරම ජීවන අරගලයක්. දවස් දෙක්ක අඩු නොකල ලෙනග්තුකමයි සත්කාරයි වලට ආයුබෝවන් කියමින් දුකින් වුනත් හවස් වෙන්න කලින් ආපහු එන්න පිටත් වුනා.
යන්න වටින ගමනක් වගේම ආසා හිතෙන අත්දැකීමක්. පුලුවන් වුනොත් යන්න. ඒ වගේම ඉන්නේ කොහේද මොනවද කල යුත්තේ නොකල යුත්තේ පිලිබදව හොද අවදානයකින් යන්න. අපි මෙහි පලකරන චායාරූප විශාල සංස්කරනයන්ට ලක් නොකර පල කරන බවත් කිව යුතුමයි. ඒ මෙහි දැක සැබෑ අත්දැකීමට මුහුන දෙන විට වෙනසක් නොදැනෙන්නයි. අපි තිරික්කලේ. මේ රසතියාදුව මෙතනින් අවසන්...
රෑ ගිනි මැලය ගාව |
හේන් ජීවිතේ කෑම ටික තේ වතුර ටික හදාගන්න උදව් වෙන දේවල් වුනත් පිලිවෙලකට මැස්සක අහුරන් තමා තියාගන්නේ.. |
බිම වගේම ආරක්ශාවට උඩත් පැලක් ඕනම වෙනවා මේ හේන් ජීවිතේට |
මොනම කටයුත්තකට කලින් වුනත් වන්දනා මාන කරල ඒ ඒ අඩවි භාර දෙවියන්ට සහ අරක්ගත් අයවලුන්ට භාර හාර සිදු කරන්න අමතක කරන්නේ නෑ |
රන්දෙනිගල ජලාශය |
ගියපු අපියි සත්කාරය ඉහලින්ම දීපු මුදලාලී මාමලයි ඔක්කම.. එන්න පිටත් වෙන්න කලින්.. |
කුඹුක් ලිදෙන් වතුර ටිකක් .. මේක හැම වෙලේම උතුරනවා...ඒ වගේම තමා සීතල.. |
මුදලාලී මාමා.. චාටුවක් කොටාගත්ත ගමන්ම තමා.. ඒ කිවේ බුලත් විටක් |
මුවා ගෝනා ඕන තරම්.. ඒ වගේම තමා දඩයම් කිරීමත්... |
ජලාශයේ වතුර මට්ටම ගොඩක් අඩුයි.. මේ ජලාශය ඇතුල් පැත්තෙන්.. |
රන්දෙනිගල ජලාශ බැම්ම.. සහ සොරොව්ව..ඇතින් පේන්නේ |
No comments: