-උඩුදුම්බරින් හේනක පැලකට-
උඩුදුම්බර ඉදලා අපි කලවල ගමට ගිහින් එතනින් කුඹුක්ගොල්ලේ හරහා රන්දෙණිගල ජලාශයේ ඉහත්තාවේ තියන හේනක පැලකට ගිය ගමනේ අවසන් ලිපි කීපයට ඇවිත් ඉන්නේ. මුදලාලි මාමා පාර පෙන්නන් අලි වැට පෙන්නගෙන කුඹුක්කැලයක් මැදින් ගිය ගමන පැය කීපයක් දික් වුනා.හැබැයි ගැමියන්ට නම් මේක පැයක ගමනක් කියනවා.
මඩුගල්ලේ දිසාවේ සැගවිලා හිටපු ප්රදේශය විදියට තමා මෙතන ප්රචලිත.මේ පිලිබදව වඩාත් විස්තර සහිතව ලිපියක් ඊලග ලිපියෙන් අපි ගේනවා. එතෙක් මේ මතක රූප පෙල බලන්න. ඈත පහතින් පෙනෙන්නෙ රන්දෙණිගල ජලාශය සහ එහි වේලී බැම්ම. ඒ වගේම අවට තිබෙන සුන්දරත්වය නම් කියල නිම කරන්න බෑ. ඒවත් අරගෙන අපි ඊලග ලිපියෙන් හමුවෙමු. අපි තිරික්කලේ...!!!
No comments: