ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

-18 වංගුව-

උඩුදුම්බර කෝවිල්මඩ පහුකරන් අපි ගියේ ලංකාවේ තියන ගොඩක් ප්‍රසිද්ධ තැනකට. ගොඩක් අය උඩුදුම්බර පහු කරන් කියනකොට තැන ගැන දන්නවා.

" එක හිත නැති නුඹේ හිතත්

18 වංගුව වාගේ..." 

එහම තමා තැන ගැන ඒ දවස් වල සිංදුවල අහන්න ලැබුනේ. මේ 18 වංගුව ගැන. අපි ගියා බලන්න එතනට. වංගු 18 තියනවා කීවට පසුව කල මාර්ගය පුලුල් කිරීමත් එක්ක මෙතන තියෙන්නෙ වංගු 17 යි. නකල්ස් කදු පන්තියේ දුර්ගම කොටස් මේ ප්‍රදේශය හරහා විහිදී යාමත් නිසා මේ දුර්ගය හරහා වැටී  අපහසු දුශ්කර බියකරු ප්‍රපාත හරහා වැටී ඇති මාර්ගයක් බවට පත් වේ. උඩ සිට පහලට රේකාවක් ලෙස බැලුවොත් මෙහි දුර 500m පමණ වේ.

දැඩි සුලග, මීදුම වගේම පැහැදිලි කාලගුණ තත්වයන් අතර සෑම විටම වෙනස් වෙමින් පවතින අතර ඉතා මනරම් භූමි දර්ශනයක් දැකගත හැකි තැනක් ලෙස දහඅට වංගුව හදුනවන්න පුලුවන්. නැරඹුම් ස්තාන කිහිපයක්ම මෙතැන පිහිටා තිබනවා. මහිංයංගනය යනගමන් හෝ උඩුදුම්බර එන ගමන් මේ වංගුටික පසුකරන් එනකොට ටික වෙලාවක් නවතින්න ඒ සුන්දරත්වය බලාගෙන දැකගෙන මතකයට එකතුකරගෙන එන්න...

කුඹුක්ගොල්ලේ ගමනට කලින් තමා අපි මේ ගමන ආවේ. වැඩි විස්තර සදහා අපේ blog පිටුවටත් ගොඩවෙන්න.. අපි තිරික්කලේ ... 























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්