ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

උඩුදුම්බර කෝවිල්මඩ

කුඹුක්ගොල්ලට ගිය ගමනේ දෙවන ලිපිය තමා අද අරන් එන්නෙ. ඒ ගමන අතරතුර අපි තැන් කීපයකටම ගියා. ඒ විදියට ගියපු තැනක් තමා මේ...

මේ උඩුදුම්බර ප්‍රදේශයේ  තියන කෝවිල්මඩ කියන සුන්දර ගම. නුවර මහියංගණය මාර්ගයේ උඩුදුම්බර ටවුන් එක පහු කරන් පොඩ්ඩක් 18 වංගුව පැත්තට වෙන්න  තියන තැනක්.

උඩුදුම්බර ටවුම පාස් කරන්  2km ක් වගේ යනකොට දකුනට තියන පාරකින් මෙතනට එන්න පුලුවන්. හැබැයි හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වගේම උඩටම එනකන් පාර තියනවා වාහනේකින් එන්න පුලුවන් විදියට. 

මෙතනට ආවම නම් වෙනම අත්දැකීමක් ලබාගන පුලුවන්. හෙල්මලු ක්‍රමයට තියන කුඹුරු යායත් , පැරනි සාම්ප්‍රදායික ගොඩ කමතත් එක්ක මුසු වුනු ගැමි සුන්දරත්වය විදගන්න පුලුවන්. ඒවගේම දිය පහරක් වගේම හොද භූමි දර්ශනයක් දැකගන්නත් පුලුවන්. කෑම්පින් කරන්න නම් කියාපු තැනක්. ඈතින් නකල්ස් කදු පන්තියේ කදු ලස්සනට පේනවා.වෙනස්ම වුන නිස්කලංක පරිසරයක අත්දැකීමක් මෙතනදී ගන්න පුලුවන්. යන වෙලාවක ගිහින් බලන්න..18 වංගුවට මෙතන ඉදලා පොඩි දුරක් තමා තියෙන්නෙ..

අපි පොඩි වෙලාවකට තමා මෙතනට ගියේ.. අපේ සෙට් එකේ චමිල මේ පැත්ත ගැන හොදට දන්න නිසා අපිව එක්කන් ගියා. ලොකු විස්තරයක් දෙන්න තරම් මෙතැන ඇවිදලා බලන්න වෙලාවක් ලැබුනේ නම් නෑ.. හැනැයි යන්නම ඕන තැනක් තමා මේ..

නකල්ස් කදු පන්තිය

හෙල්මළු ක්‍රමයට කරන වී වගාව

හෙල්මළු ක්‍රමයට කරන වී වගාව

හෙල්මළු ක්‍රමයට කරන වී වගාව

හෙල්මළු ක්‍රමයට කරන වී වගාව

ගොවිතැනට තවමත් බොහෝවිට යොදාගන්නේ මී හරක්.

කමතක්





කමතක්










No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්