කෑම මතකද
රටක සංස්කෘතිය ගැන අත්දැකීමක් ගැනීමට හෝ උගැනීමට අවශ්‍ය නම් සලකා බැලිය යුතුම අංශයක් තමා එරට ආහාර රටාව. වෙනත් අයුරකින් කියනවා නම් ආහාර සංස්කෘතිය. ජාති වශයෙන් මෙනම ආගම් වශයෙන් ජන කොට්ටාස කිහිපයක් ඇති ලංකාවේද මේ ආහර සංස්කෘතියේ වෙනස්කම් සහ වෙනස්ම රටාවන් දකින්න පුලුවන්. සංචාරයන් අතරතුර විවිද පාළාත්,ප්‍රදේශ තුල කරපු සංචාරයන් අතර තුර හමු වූ එවන් අත්දැකීම් අපටද බොහෝ රසවත් අත්දැකීම ජීවිතේට එකතු කරා. ගලක අබරපු පොල් සම්බෝලයක් එක්ක තම්බපු මඤ්ඤොක්කා එහම නැතිනම් කැකුලු හාල් බත් ටිකක්, රොටියක් කාලා බීපු ඉගුරු දාපු ප්ලේන්ටියක්,මාලු ඇබුල්තියල් එක්ක කාපු බත් ටිකක්,අල බතල බෝංචි ව්‍යාංජනයක්,තෝසයක් ඉට්ලියක් කිර්බතක් වගේම තල් රා පොල් රා කිතුල් රා ටිකක් වුනත් වෙනස්ම අත්දැකීමක්. ඒක විදින්න ජීවිතේ වෙනම මතක පොතක් වෙනවා නිසැකවම.
ඒ සමගම එයටම එකතු වුන ආගන්තුක සත්කාරය සහ ලෙන්ගතුකම අව්‍යාජ බව වුනත් හදවතට දැනෙන්නෙ වචන වලට පෙරලන්න බැරි වෙනසම හැගීමක්. ඒක කෑම වේලක ඉදලා මහන්සියට දෙන වතුර වීදුරුවක් දක්වාම අඩු නැතුව දැනෙනවා හැගෙනවා.. සංචාරය කරන ඔබට එහම තැන් එහම කෑම වේලක් කෑමක් මේ වෙනකොටත් මතක් වෙනවා ඇති.. ඒ රස දැනෙනවා ඇති.. මතක් කරලා බලන්න...
අපි තිරික්කලේ
No comments: