කුමන ජාතික වනෝද්‍යානය [kumana national park]
Trip එකක් විදිහට හරි vacation එක ගෙවාගන්න විදිහක් හිතනකොට travel plan එක හදනකොට ගොඩක් අය ලංකාවේ National Park ගැන වැඩි අවදානයක් යොමු කරනවා. ඒ ගොඩක් වෙලාවට safari අත්දැකීමක් ගන්න ගොඩක් අය ආස නිසා. Morning safari ,evening safari ,Day safari වගේම දවස් දෙකේ safari යන්නත් ගොඩක් අය ආසා කරනවා. ඒ අතරිනුත් ලංකාවේ කුරුල්ලන් නරඹනන්න (bird watching), අධ්‍යනය කරන්න පර්යේෂණ කරන්න තැනක් ගැන කල්පනා කරනවා නම් හිතනවානම් List එකේ උඩින්ම මතක් වෙන හිතට එන තැනක් තමා "කුමන ජාතික වනෝද්‍යානය". දේශීය ,ඒකදේශීය, සංචාරක සහ ප්‍රදේශයට ආවේනික වැනි සියලුම වර්ගයේ කුරුල්ලන් විශේශ 255 කට අධික ප්‍රමානයක් නැරඹීට හැකි කුරුලු පාරාදිසයක් විදියට මෙය හදුන්වන්න පුලුවන්. ඉන්දියන් සාගරයත්, වනයත්, කුඩා වැව්, කලපු සහ වගුරු වලින් පෝශිත නිසා සාරවත් ජෛව විවිධත්වයකින් සමන්විතයි. කුරුල්ලන් විතරක්ම නෙවෙයි අනික් සතුන් නැරඹීමටත් මෙය සුදුසුම ස්තානයක්. ඒ යාල වනෝද්‍යානයට මායිම තිබීමයි. වාර්ශික පැවැත්වෙන කතරගම පාද යාත්‍රාව මේ කුමන වනෝද්‍යානය මැදින් තමා වැටී තිබෙන්නේ. බෞද්ධ මෙන්ම හින්දු ජනයා ගොරවභක්තියෙන් වන්දනාමාන කරනු ලබන ඔකඳ දේවාලයද පිහිටා ඇත්තේ කුමන වනොද්‍යානයට මායිවයි. වාර්ශික පාද යාත්‍රාවද ආරම්භ වන්නේ එම ස්ථානයෙනි. සංචාරකයන් අතර ප්‍රසිද්ධ වෙරළ තීරයක්වන ආරුගම්බේ ප්‍රදේශයේ සිට පැයක පමණ කාලයකින් කුමන වනෝද්‍යානය ලඟාවීමට හැකියාව ඇත.
මේ අපි කුමන සෆාරී අත්දැකීම් ලබන ගත් චායාරූප කිහිපයක පොඩි එකතුවක්. නිවාඩු වෙලාවක ගිහින් බලන්න..අපි වින්දනාත්මක රස්තියාදුවක මතක ගෙන එන #තිරික්කලේ
No comments: