ඩෙල්ෆ්ට් දූපතට
ටික කාලෙකට කලින් බත්තලංගුන්ඩුවේ ගියාට පස්සේ ලංකාවේ දූපතකට ආසාවෙන් ගිය ගමනක් තමා ඩෙල්ෆ්ට්.කලින් ලිපියෙන් අරන් ආවනේ අපි යාපනෙන් කරිකට්ටුවාන් බස් එකේ ජැටිය ගාවට එනකන් විස්තර..ඒ වගේම බෝට්ටු යන වෙලාවල් එහමත් අපි කීවා. අපිත් ඕන කරන දේවල් අරන් බෝට්ටුවට ගොඩ වෙලා ඉන්නකොට තමා බස් එකේ ඩ්‍රයිවර් අයියා හිනා වෙවී ඇවිත් අපි අමතක කරලා ආපූ අපේ බිස්කට්, බිම ,කෑම දාපු පාර්සලේ ගෙනත් දුන්නේ. අයියටත් පින් දීගෙන ගමන පිටත් වුනා. නාගදීපය එහම පහු කරන් පැය දෙක්කට ආසන්න කාලයකින් වගේ අපි දූපතේ ජැටියට ආවා.
කියන්නම අවශ්‍යය දේ තමා බෝට්ටුවෙන් බැහැලා අනිවාර්යයෙන්ම නාවික හමුදා මුරපොලට සියලු විස්තර ලබාදෙන්න. ඒ වගේම සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයකුත් ලබා දෙන්න.
ඉතිං තිබුන වෙලාව සහ සැලසුම හැටියට අපි තේරුම් ගත්තේ වාහනයකින් දූපතේ ඇවිදින්න.. ඕන තරම් ජිප් තියනවා ඒ සේවය ලබා දෙන අපිත් සාධාරණ මිලකට ඒ සේවය ලබාගත්තා. මොකද ඒ අය හොද අවබෝධයක් තියනවා දූපත ගැන. ඩෙල්ෆ්ට් කියන්න වර්ග කිලෝමීටර් 50ක පමන දූපතක් නිසා ඇවිදින්න තියන තැන් වැඩී.
ජිප් එකේ අයියගේ සැලැස්මට අපි ඇවිදින්න තීරනය කරා. දූපතට ඇතුල්වෙන තැන ඉදලම දකින්න තියෙන්නෙ දුපතේ විශේශය වුන කොරල් වලින් හදපු තාප්ප බැමි. හැම තැනකම ඒවා දකින්න පුලුවන්. ඒ වගේ තව දුපතේ බලන්න තැන් කිහිපයක් තියනවා.
01. බයෝබැබ් ගස
02.ලියලන ගල [ මෙයට අදටත් පූද පුජා පවත්වනවා]
03. පරෙවි කූඩුව
04.ඕලන්ද බලකොටුව
05.ප්‍රදීපාගාරය [ ක්වීන් ටවර්]
06.පැරනි නුග ගස
07. විශාල පා සලකුන [ මෙය ආදම්ගේ හෝ ශිව දෙවියන්ගේ පා සලකුන ලෙස සලකනවා]
08.විහාර නටබුන්
මීට අමතරව පැහැදිලි කාලගුනයක් ඇති දවසට ඉන්දියාවේ රාමේශ්වරම්හි පිහිටි ප්‍රදීපාගාරය දැකගත හැකි බව කියනවා.අපිට නම් ඉතා සියුම් සේයාවස් සේ දැකගන්න පුලුවන් වුනත් සෑහීමකට පත්වෙන්න බැරි වුනා. මොක්ද එතනට යනකොට වෙලාව පහුවෙලා. ඒ වගේම මේ දූපතේ අයිකන් එකක් තමා වල් පෝනියෝ..ඒ කීවේ වල්කම් කරන නෙවෙයි කැලෑ පෝනියෝ. මෙහි තිබෙන වගුරු සහ පිට්ටනි වල ඕන තරම් මෙයාලව දකින්න පුලුවන්. තව දෙයක් තියනවා මෙහේ බලන්න. ඒ ලිං හත. මුහුද කිට්ටුවම තියෙන්නෙ. හැබැයි හොද වතුර . හතෙන්ම නෑවොත් තරුනකම රැකගන්න පුලුවන් කියලා කතාවක් තියනවා දූපතේ අයගේ. හැම තැනකම ඇවිදපු අපි කූඩාරම් ගහන්න තෝරගත්තේ ලිං ගාවම තියන මුහුදු වෙරළ .
මතක් කරන්නම ඕන දෙයක් තමා කූඩාරම් ගෙනිහින් කදවුරු ගහනවා නම් අනිවාර්යයෙන්ම මෙහි පොලිස් ස්ථානය දැනුවත් කරන්න. අපි මේ වෙලාවේ එහි ස්ථානාධිපතිතුමා ලබා දුන් සහයෝගය අමතක කරන් නෑ .. ඒ වගේම තවත් දෙයක් තමා වැලි පොලගුන්. සෑහෙන්න ඉන්නවා මෙහේ නම්. ඒ නිසා ඒ ගැන අවදානයෙන් කදවුරු බදින්න. අපිට ඒ පිලිබද ලොකු සහයෝගයක් ලබාදුන්නා නාවික හමුදාවේ නිලධාරීන්. අපි එක්ක තව නඩයකුත් ඉදා හිටියා. කෑම කඩ වගේම හෝටල් කිහිපයක් තියනවා. ඒ වගේ දූපත ඇතුලේ බස් සේවයක් තියනවා ජැටියට යනකන්.අපි උදේම පිටත් වුනා පලවෙනි බෝට්ටුවේ යාපනේ එන්න .. පැරනි පල්ලී ගොඩනැගිලි සහ ලස්සන කඩමන්ඩියක් එහම පහු කරන් අපි පයින්ම ආවා. ඇවිදින්න තියන තවත් ලස්සනම තැකන් තමා ලංකාවේ මේ දූපත. හැබැයි දවසක් ඉන්න යන්න. අපි ඒ අත්දැකීම් එකතුකරගත්තා. ගිහින් බලන්න.. හරි සංචාරකයෙක් විදියට. අපි වින්දනාත්මක රස්තියාදුවක යන තිරික්කලේ .. ආයේ හම්බවෙමු.
No comments: