ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

-හරිම තැන හරිම වෙලාවට-


ඇවිදින්න යනකොට එහම නැතිනම් සංචාරය කරන වෙලාවට දැනගතයුතුම දෙයක් තමා හරිම තැන හරිම වෙලාවට ඉන්න එක. ඒක ජීවිතේ අමතක නොවන දර්ශනයක් අත්දැකීමක් ආශ්වාදයක් ගේන දෙයක් වෙනවා අනිවාර්‍යෙන්ම. ඒ නිසා සංචාරයක් පටන් ගන්නකොට ඒ ගැන සැලකිලිමත් වෙලා විස්තර ටිකක් කලින් හොයාගෙන සැලසුම් සකස්කරගන්න. ඒ වගේම අතරමගදී විස්තර හමුවෙන අයගෙන් ඒ අවට අයගෙන් අහන්න...

මේ අපි ඩෙල්ෆ්ට් ගිය දවසේ හවස දූපතේ එක පැත්තක්. අපි කලින් අහපු විස්තර සහ මග පෙන්වපු ජිප් එකේ ඩ්‍රයිවර් අයියා කියපු විදිහට මෙතන මේ වෙලාවට තමා ලස්සනම. ඒ විදියටම එතනට එයා අපිව එක්කන් ආවා. කෝමාරිකා ගස් යායක් එක්ක රටා මවපු අහසක්.. බලන්න අපේ එකතුවෙන් ටිකක්. අනිවාර්යයෙන්ම ගියපුවාම යන්න. හොදින් පැහැදිලි දවසක මෙතනට ඉන්දියාවේ රාමේශ්වරම්හි ප්‍රදීපාගාරය පේනවලු.අපිට ඒ වාසනාව නැති වුනා... තිරික්කලේ තවත් ලිපියකින් හමුවෙමු... පරිසරයට ආදරයෙන් ඇවිදින්න... අපි තිරික්කලේ




















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්