ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

-යාපනයට කෝච්චියේන්-

යාපනයට එහම නැතිනම් ලංකාවේ උතුරුකරයට යන්න අපී සැලසුම් හැදුවේ සෑහෙන කාලෙකට කලින්. වෙනස්ම වුන පරිසරයක, වෙනස්ම වුන සංස්කෘතියක ඇවිද යන්නට අපිට ඕන වුනේ ගොඩක් කාලෙක ඉදලා.අවුරුදු එක හමාරකට වගේ කලින් අපි ටික, ඒ කියන්නේ සුපුන්චන්ද්‍ර ඇස්කොට් මයිට ලොකු ප්ලෑනක් ගැහුවේ ගමන් යන්න.වැඩත් එක්ක අපිට ගමන් සෙට් කරගන්න බැරිවුනා..අන්තිමට කොහම හරි ඇස්කෝ නැතුව ආරීයයි තිලීයි සෙට් වෙලා අපි දෙන්නත් එක්ක ගමන පිටත් වුනා.ලොකු ප්ලෑන් එකක් තිබ්බේ නෑ.. ටෙන්ට් දෙකකුත් දාගෙන නයිට් මේල් එකේ යාපනේ යන්න තිලී මයිටයි ආරී කුරුනෑගල ස්ටේශන් එකෙන් නගිනකොට කෝච්චිය අල්ලගන්න බැරිවුන සුපුන්චන්ද්‍ර බස් එකේ එන්න කොලඹින් පිටත් වෙලා. එලිවෙනකන් යන්න තියන ගමනක්. එදා කෝච්චියට ආවේත් උදේ යක්දෙස්සාගල නැගලා සූර්‍යග්‍රහනයත් බලලා. හොද ගනන්. උදේට නම් දකින්න තියන ලස්සන බලන්න ටිකක් පාන්දර ඇහැරිලා බලන්නම වෙනවා. ඒකේ එකතුවක් තියනවා අපි ගත්ත. අපි යාපනේ ගමනේ ලිපි කීපයක් තිරික්කලේන් මෙහම එක පෙලට ගේන්න තමා හදන්නේ.
විස්තර වගේම මතක එකතු photos අපේ තිරික්කලේ FB පිටුවෙන් වගේම බ්ලොග් (Blog ) අඩවියෙන් සහ ඉන්ස්ටා (Instagram ) පිටුවෙනුත් බලන්න පුලුවන්.
වින්දනාත්මක රස්තියාදුවක රසවත් මතක එක්කලා ඇවිදින්න එන්න.අපි තිරික්කලේ 🖤💚💛❤️💜️🧡














No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්