ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Cycling tour කරලා තියනවද..?

 අද වෙනම ඉසව්වක් වෙනම ට්‍රැවල් පැත්තක් ගැන තමා කියන්න යන්නෙ. ලංකාවේ දේශීය සංචාරකයන් අතර ගොඩක් ප්‍රචලිත නොවුනත් විදේශීය සංචාරකයෝ අතර ගොඩක් ප්‍රසිද්ධ පාපැදි මගින් කරන සංචාරය ගැන අද කියන්න යන්නේ. මේ වන විට ලංකාවේ මේ අංශයෙන් සංචාරය කරන්න ලාංකික සංචාරකයන් තුලද කැපී පෙනන වෙනසක් නැඹුරුවක් අද වන විට දක්නට  ලැබෙනව. වර්තමානයෙ ලංකාව තුල වඩාත් ප්‍රචලිතව මෙම පාපැදි සංචාර දකින්න පුලුවන් තැන් කිහිපයක් අපිට හමුවෙනවා. ඒ

පොලොන්නරුව 

අනුරාධපුරය

දඹුල්ල

ගාල්ල

නුවර

කොලඹ

නුවරඑලිය

යන නගර ආශ්‍රිතවය.මෙම නගර සියල්ලම ඉහල දෙස් විදෙස් සංචාරක ආකර්ශනයක් පවතින නගර කිහිපයක් වීම මෙයට හේතුවයි.ඉර බහින හවසක ගාලු කොටුව ඇතුලේ බයිසිකලයක් පැදන් යන්න, නුවර එලියේ ග්‍රෙගරි වැව වටේ සීතලේ පැදන් යන්න, පොලොන්නරුවේ අනුරාධපුරේ නටඹුන් බලන්න සයිකලේ පැදන් යන්න විදේශ සංචාරකයෝ විශාල ඇල්මක් දක්වනවා. මේ වෙනකන් ලංකාවෙ ගොඩක් අය ඒ පිලිබදව උනන්දුවක් ඇල්මක් දක්වනව දැකලා නෑ. හිතුනත් කරන්න උත්සාහ කරලා නෑ. මේ කීව තැන් වලට අමතරව තව මේ වගේම අමුතුම අත්දැකීම් එකතු කරන වෙනස්ම අංග කිහිපයක් තියනවා. දිය ඇලි,වැව් ,ගංගා ,ග්‍රාමීය ප්‍රදේශ වගේම මුහුදුබඩ ප්‍රදේශ සහ වනෝද්‍යාන යා කරමින් ආකර්ශනීය ස්ථානයන්ට නිර්මානය වුන පාපැදි සංචාරයන්. 

මීගමුව-හලාවත-කුරුණෑගල-දඹුල්ල-පොලොන්නරුව

නුවර-මාතලේ-රිවස්ටන්-වස්ගමුව

නුවර-මාතලේ-දඹුල්ල-හබරන-පොලොන්නරුව-ඇනුරාධපුර

බෙන්තොට-අම්බලන්ගොඩ-හික්කඩුව-ගාල්ල-කොග්ගල-වැලිගම-මාතර

බදුල්ල-බන්ඩාරවෙල-හපුතලේ-ඇල්ල-වැල්ලවාය-තිස්සමහාරාම-යාල-කතරගම

යාපනේ-ඩෙල්ෆ්

නුවර -නුවරඑලිය-හොර්ටන්තැන්න-ඔහිය

ඔහිය-කලුපහන-හපුතලේ-බෙරගල-වැල්ලවාය-කතරගම

නුවරඑලිය-බදුල්ල-මොණරාගල-ආරුගම්බේ

 වැනි විවිද කාලගුන තත්ව,භූමි,ප්‍රදේශ,සංස්කෘතින් සහ ජන සමාජ අතරින් කල හැකි සංචාරයන් නිර්මානය වී තිබෙනවා. ඉතිං අපිත් තිරික්කලේ විදියට සංචාර කිහිපයක්ම කලා. ගාල්ල අවට කල සංචාරයේ මතක තමා මේ අද එකතු කොට තිබෙන්නෙ. ඒ වගේම කියන්න ඕනා මේ සදහා සේවය සපයන පිරිස් බොහෝ ගනනක් ලංකාවේ ඉන්නවා. සුදුසු තත්වයක පාපැදියකින් කරන සංචාරයක් අවම වෙහෙසකින් වගේම වැඩි ආශ්වාදයකින් කරන්න පුලුවන්. අපි නම් තෝරගත්තේ බද්දේගම-උඩුගම-කන්නෙලිය පැත්ත. අපිට මේ සියල්ල සූදානම් කරලා දුන්නේ මේ පිලිබද අත්දැකීම් බහුල ප්‍රවීනයෙක් වෙන සාගර තරංග සම්පත් සහෝදරයා.. ඉතිං වෙලාවක් තිබුනම හොයාගත්තම මේ පිලිබදවත් උනන්දු වෙලා බලන්න.. මේක වෙනම වෙනස් අත්දැකීම් සහ මතක රැසක් ජීවිතෙට එකතු කරයි... තවත් ලිපියකින් හමුවෙමු එහනම්.. 













No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්