පතනේ ගම - Redbana village
පතනේ ගම - Redbana village - Matale
රෙඩ්බානා එහම නැතිනම් පතනේගමට 



=======================
නිවාඩුවට යන්න තැනක් 



රිවස්ටන් පහුකරන් පිටවල පතනට බැහැපු අය එතන තියන පුංචි ලෝකාන්තය බලන්න යන්න කොයිම වෙලාවකවත් අමතක කරන් නෑ.. ඔතන ලෝකාන්තේ අගට ගියාම නිමක් නැතුව ඈතට පෙන්නේ නිල් අහසත් කොලපාට වනයත් විතරයි.. ඈතීන් ඈතට පෙනෙන කදු ,කලුගග ජලාශය වගේ දේවල් අදුරගන්න පුලුවන්..
හැබැයි කෙලින්ම පහලින් කැලේ මැද පේනවා පොඩි ගොඩනැගිල්ලක්.. ගොඩක් අයට ඕක වෙනම ප්රශ්නයක්.. ඒ මොකක්ද .. ඒක විතරක් ඇයි කැලේ මැද්දේ..
ඔය තමා රෙඩ්බානා එහම නැතිනම් පතනේගම ගම්මානය. හැබැයි දැනට පෙනෙන්න ඉතුරු ඔය ගොඩනැගිල්ල විතරයි. ඔය ෆොටෝ වල තියන ගොඩනැගිල්ල නම් එලියට පේන්නේ නෑ.. කැලේ ඇතුලේ හැංගිලා තියෙන්නේ..
ගම්මානයක් කීවට මේ ගම දැන් අතෑරලා තියෙන්නේ.. මේ එක පවුල විතරයි ඉන්නේ..
මාතලේ රත්තොට හරහා රිවස්ටන් පහු කරන් පුංචි ලෝකාන්තය ගාවට යන්න ඕනේ එකටම. එතන ඉදලා තව පොඩි දුරක් ගියහම හමුවෙන තුංමං හන්දියෙන් වමට හැරිලා තව පොඩි දුරක් යනකොට වමට තියෙන පොඩි ගුරු පාරේ තමා මෙතැණට ලගා වෙන්න පුලුවන්... පතනේගම රුක් රෝපන වැඩසටහනක බෝඩ් එකක් පාර අයිනේම තියනවා හැරෙන තැන. හොයාගන්න අමාරු නෑ..

තාර පාරේ ඉදලා පැයක වගේ වෙලාවක් පයින් යන්න ඕනේ මෙතැනට ලගා වෙන්න.. හැබැයි මහන්සියක් නම් දැනෙන්නේ .මොකද කැලෑව අස්සෙන් ගස් වියනක් යටින් තමා යන්න තියෙන්නේ..

මේක වෙනස්ම ලෝකයක්. වෙනස්ම අත්දැකීමක්.. මෙතන සියලු මූලික පහසුකම් ටික තියනවා.. නවතින්න කාමර කීපයක් , අට්ටාලයක් සහ කූඩාරම් පහසුකම් පවා තිබෙනවා.. ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් ඉතා හොද මට්ටමෙන් තිබෙනවා.
මතක් කරන්නම ඕනේ ආගන්තුක සත්කාර.. නැන්දගේ කෑම රස බලන්නම වටිනවා.. පොලොස් ව්යාංජනය කොරලි ව්යාංජනය එහම වෙනම දිව්ය භෝජනයක්..
මේ අත්හැර දාපු ගම හරහා ගිහින් පතන ඇල්ල නරඹන්නත් පුලුවන්. පැය දෙක තුනක ගමනක්. හැබැයි ඒක මගෑරගන්න නම් එපා...

ඒ ගැන වැඩි විස්තර වලට අපිට කතා කරන්න. නැතිනම් ඔයාලගේ පෞද්ගලික චාරිකාවක් සැලසුම් කරගන්න අපිට කතා කරන්න..
එහනම් ගිහින්ම බලන්න.. තිරික්කලේ අපි ගියා.. මතක් කරන්න ඕනා කාර් වලට එහම නම් මෙතනට යන්න ටිකක් අමාරුයි.. පාර කැඩිලා තියෙන්නෙ..
එහම නම් ලස්සන තවත් මේ වගේ තැනකින් හමුවෙමු...
මේ අපගේ වෙබ් පිටුව සහ සංචාරක ව්‍යාපාරය..
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com
No comments: