ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

Atanwala - ඇටන්වල

  Atanwala - ඇටන්වල


ඒ දවස් වල තිරික්කලේ අපිට ඇටන්වල ගමේ තිබුන සුන්දර ආරක්ශිත වගේම නිදහස් නවාතැන.. අපි එක්ක ඒ කාලේ ගමන් වලට එකතු වුන ගොඩක් අය ගියපු තැනක්.. ගමේ වෙල් යායට මුහුනදාලා ගමෙන් පොඩ්ඩක් ඈතට වෙන්න වෙල් යායේ අයිනක තිබුන මැටි නිවහන..

රිවස්ටන් කදු පෙලට මීදුම ඇවිල්ලා ඒවා වහ ගන්නවා හරි අපූරුවට පේන තැනක් මේ.ඈතින් ඈතට පේන කදු යායම මෙතනට හරි අපූරුවට පේනවා..
කුඹුරු යාය උඩම තිබුන පීල්ලෙන් නාන්න වගේම ටිකක් මහන්සි වෙලා ගිහින් කුඹූරු යාය පහලින් ගලන් යන තෙල්ගමු ඔය හරස් කරලා බැදපු ගමේ අය කියන "ඇනිකට් එක " ගාවින් නාන්නත් පුලුවන්. හැබෑයි හවසට ඔය දෙකම කරන්න බැරි වැඩක්.. ඒ තරම් සීතලක් හුලගක් මෙතනට එනවා.. මෙතන මතක නම් සෑහෙන්න තියනවා.. ඉංදික අයියා තමා අයිතිකාරයා.. අහම්බෙන් දැකපු නිසා මතකේ අලුත් වුනා. ඒකයි ලියන්න හිතුනේ..
ඒ වගේම මේ ෆොටෝ එක ගත්තේ මේ වෙනකොට ලංකාවේ ප්රසිද්ධ චායාරූප ශිල්පියෙක්. ඒ දවස් වල අපි එක්ක සෑහෙන්න ගමන් ගියපු කෙනෙක්.. ඒ සතුටත් මේවත් එක්ක මතක් වෙනවා..  

ආපහු අපි අපේ අත්දැකීම් ටිකක් ඉස්සරහට ඉස්සර වගේම අරන් එන්නම්... ලියන විදියත් තිරික්කලේට අමතක වෙලා...  
— at Atanwala - ඇටන්වල
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com



No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්