එල්ලා මරන්නාගේ කඳු ගැටය (Hangman's Hill)
එල්ලා මරන්නාගේ කඳු ගැටය (Hangman's Hill)
උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ එල්ලා මරන්නාගේ කඳු ගැටය (Hangman's Hill)
ඉංග්‍රීසි පාලනයට එරෙහි වන්නන්ට දෙන දඬුවම කෙබඳුදැයි සියල්ලන්ටම දැනවීමට සැලැස්වීම යටි අරමුණ කරගනිමින් සිය දහස් ගණනක් බලා සිටියදීම සරදියෙල් හා මම්මලේ යන දෙදෙනා එල්ලා මැරීම ඉංග්‍රීසීන් විසින් සිදු කරන ලදී. 1864 මැයි 7 වැනි දින මහනුවර සියල්ලන්ගේම නෙත් මරන්නාගේ කඳුගැටය වෙත යොමුව තිබුණේ බැවිනි. එදින මරන්නාගේ කඳුගැටයේ වූ එල්ලූම් ගසේ එල්ලීමට නියමිතව තිබුණේ ඔවුන් දෙදෙනා වයි.
වසර 40 ක පමණ කාලයක් ලංකාවේ මිනින්දෝරු වරයකු වරයෙකු ලෙස සේවය කළ R.L බ්‍රෝහියර් , සරදියෙල් එල්ලා මැරූ ස්ථානය ගැන සටහනක් තබා ඇත. අද මහනුවර පොලිසිය ,මධ්‍යම වෙළඳපළ හා උද්‍යානය පිහිටි බිම 1872 වනවිටත් ජලයෙන් පිරී මඩවගුරක් ව තිබී ඇත, මෙම මඩ වගුර එකල බෝගම්බර ලෙස හඳුන්වා ඇත, 1872 දී සිරකරුවන්ගේ ශ්‍රමය ලබා ගනිමින් එල්ලා මරන්නාගේ කඳු වැටිය කපා එම පස් වලින් මඩ වගුර වසා දමා ගොඩ කර ඇත.
එල්ලා මරන්නාගේ කඳු ගැටේ තිබූ එල්ලුම් ගසේ අවසන් වතාවට එල්ලා මරා දමා ඇත්තේ සරදියෙල් හා මම්මලේ මරික්කාර් බව බෝහියර් ගේ සටහන් වලින් පෙනේ.
අද වන විට මෙම මරන්නාගේ කඳුගැටය පිහිටීම ගැන සිතා බැලීමේදී එය තිබෙන්නට ඇත්තේ වර්තමාන මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිහිටා ඇති බිමේ යැයි විශ්වාස කළ හැකිය.
සටහන - චතුරංග
මෙවන් ඔබේ ලිපිත් අපට යොමු කරන්න..
No comments: