දේශීය උඩවැඩියා (ඕකිඩ්) වලට තිබෙන නීතිමය රැකවරනය
දේශීය උඩවැඩියා (ඕකිඩ්) වලට තිබෙන නීතිමය රැකවරනය
ශ්‍රී ලංකාව තුල මේ වනවිට දේශීය උඩවැඩියා විශේශ 183 හඳුනාගෙන තිබේ.මින් විශේශ 57 ආවේනික විශේශ වේ.2012 ජාතික රතුදත්ත ලේඛනයට (National Red Data List) අනුව මේ දේශීය උඩවැඩියා අතුරින් විශේශ 120ක් වඳවීයාමේ තර්ජනයට මුහුනදී (Threatened) තිබේ.ඒ අතර ආවේනික විශේශ 38ක්ම වේ.මීට අමතරව ආවේනික විශේශයක් ඇතුලුව විශේශ හතරක් වඳවී ගියායැයි සැකකරන කාන්ඩයේ (Critically Endagered Possibly Extinct)(CRPE) තිබේ. එමෙන්ම ආවේනික විශේශ 6 ඇතුලුව විශේශ 16ක් වඳවීමේ තත්වයට අත්‍යාසන්න තත්වයේත්(Critically endangered)(CR) ,ආවේනික විශේශ 24 ඇතුලු විශේශ 54ක් වඳවීමේ තර්ජනයට දැඩිව මුහුනදී තිබෙන (Endangered)(EN) කාන්ඩයේත්,ආවේනික විශේස්‍යන් 12 ඇතුලු විශේශ 60ක් වඳවීමට පාත්‍රී (Vulnerable)(VU) තත්වයේත් පවතී.
මේ තත්වය තිබෙන අතරතුර පසුගිය කාලයේදී මෙරටේ විවිධ ප්‍රදේශවල ස්වභාවික පරිසරයෙන් ගලවාගත් උඩවැඩියා ශාක අලෙවියක් සිදුවෙමින් තිබේ.
මේ නිසා දේශීය උඩවැඩියා ශාක වලට තිබෙන නීතිමය ආරක්ශාව සලකා බැලීම උචිත වනු ඇත.
ශ්‍රී ලංකාවේ හමුවන දේශීය උඩවැඩියා විශේශ සියල්ලම මේ වන විට ආරක්ශිත ශාකයන් වේ.මෙසේ වන්නේ වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance)(FFPO) 42වන වගන්තිය යටතේ තිබෙන viiiවන උප ලේඛනය තුලට ඕකිඩේසි කුලයම (Family-Orchidaceae) ඇතුලත් කිරීම මගිනි.මේ නිසා මෙරට තුලින් යම් නව උඩවැඩියා විශේශ සොයාගනු ලැබුවහොත් ඒවාටත් නිතැතින්ම නීතිමය රැකවරනය හිමි වේ.
මේ 42 වන වගන්තිය අනුව කිසියම් දේශීය උඩවැඩියා ශාකයක්:
+ විනාශ කරන,
+ හානිකරන,
+ විකිනීමේ යෙදෙන හෝ විකිනීමට ප්‍රදර්ශනය කරන,
කෙනෙකු මේ වගන්තිය අනුව වරදක් සිදුකරයි.
++ එසේම මේ වගන්තිය එම ශාකය කෙනෙකුගේ පුද්ගලික ඉඩමක තිබුනත්,පොදු ස්ථානයක තිබුනත්,වනත් කෙනෙකුගේ දේපලක තිබුනත්,එකසේ අදාල වේ .
** උඩවැඩියා විශේශ වලින් සැලකිය යුතු ප්‍රමානයක් අපිශාක (epiphytes) වේ.එනම් ඒවා වෙනත් ධාරක ශාකයකට සවිවී පවතී.මෙම 42(ඈ) උප වගන්තිය අනුව යම් දේශීය උඩවැඩියා ශාකයක ධාරක ශාකයක් වන ඕනෑම ශාකයක් ඉවත් කිරීම,උදුරා දැමීම,විනාශ කිරීම හෝ එවන් ගසකට හානියක් හෝ අනතුරක් කිරීමත් වරදක් වේ.අපිශාකයක පැවැත්ම ධාරකයාගේ පැවැත්ම මත නිර්නය වන්නක් නිසා මේ ප්‍රතිපාදනය උඩවැඩියා ශාක වලට සාර්ථක සහ සාර්ව වශයෙන් නීතිමය රැකවරනයක් ලබාදීමට මහෝපකාරී වන්නකි.
** තවද,පනත්ත් 67ආ වගන්තිය අනුව මේ සියල වරදවල් සංඥේය වරදවල් හෙවත් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගතහැකි වරදවල් වේ.
** එසේම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව ඕනෑම සාම නිලධාරියෙකුටද එවන් අයෙකු අත් අඩංගුවට ගැනීමේ බලය තිබේ.වන සංරක්ශන ආඥා පනතේ 60 වන වගන්තිය අනුව සාම නිලධාරීන් බවට පත්ව තිබෙන වන සංරක්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් එම බලතලය හිමිව තිබේ.එසේම,එම බලතල පොලීසියටත් මේ ආකාරයෙන් හිමිවේ.
** එමෙන්ම වන සත්ව හා වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 66 වන වගන්තියෙනුත්,වන සංරක්ශන දෙපාර්තමේන්තුවට සහ පොලීසියට පනතේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය ලැබී තිබේ.
ඉහත ප්‍රතිපාදනයන් විමසා බැලීමේදී මෙරට තුල හමුවන ඕනෑම ස්වදේශීය උඩවැඩියා ශාකයකට අදාලව මේ ප්‍රතිපාදන නිසා ප්‍රමානවත් රැකවරනයක් මෙන්ම,නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීමට අවශ්‍ය බලතලත් ප්‍රමානවත්ව තිබෙන බව පෙනී යන්නකි.
උපුටා ගැනීම සහ අයිතිය- Jagath Gunawardana
No comments: