ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

තල් හකුරු 💚

 තල් හකුරු 💚

යාපනේ කොහේ ඇවිද්දත් යාපනේට ආවේණික කෑම ටිකක් තියනවා රහ බලන්නම වටින.. ඒකට ටවුමේ විතරක් ඇවිදලා බෑ.. ඔය යාපනේ ඇතුලේ අහුමුලු වල ගම්මාන අස්සේ ඇවිදින්න ඕනා..පාලූ පාරක ලොකු නුග ගහකින් හෙවන වුන කඩමන්ඩියක වීදුරු පෙට්ටියක තියන තල් හකුරක් මම දකින්නේ ඔන්න ඔහම ඇවිදින වෙලාවක. ඒක වෙනම රහක්. 

එක ඉරට ඈතට දුවන පාරක දෙපැත්තේන් උසට උසේ හැදුන තල් ගස් පෝලීමක් යට ඉදන් බොන නොන්ගුවක රසත් ඒ වගේ. නොන්ගූ කියන්නේ තල් කුරුම්බා වලට. ඒක තල් කොලෙන් හදපු ගොට්ටෙක දාලා දෙන්නේ වෙනම කලාවකට. රස්නේ විහින් පාරේ මවන මිරිගුවක් දිහා බලන් බොන නොන්ගුවක රස, නොන්ගු ලොදේක රස වගේම කොට්ට කිලංගුවක එලොවටත් නැති මෙලොවටත් නැති රහ යාපනේ පාරක් අයිනේ තල් ගස් හෙවනක ඉදන් විදින්නම ඕන දෙයක්, මොහොතක් මේ ජීවිතේ.....

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567

Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com



#තිරික්කලේ #Jaffna #Travel #Food

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්