𝐉𝐀𝐅𝐅𝐍𝐀-යාපනේ රවුමක් යමුද..? 2 වැනි කොටස [ Around the Sri Lanka ]
𝐉𝐀𝐅𝐅𝐍𝐀-යාපනේ රවුමක් යමුද..? 2 වැනි කොටස
කොහමද යන්න හොද..
ගොඩක් අයට ගමන යන්න සැලසුම් කරනකොටම එකටම ඔලුවට වද දෙන පලවෙනි ප්‍රශ්නේ තමා කොහමද යන්නේ කියන එක. කොලඹ ඉදල යාපනේට කිලෝමීටර 350 කට වැඩි දුරක් තියනවා. එතකොට ඔය දේත් එක්කම එනවා ප්‍රශ්න කීපයක්ම
1. පුද්ගලික වාහනයක යනවද...?
2. පොදු ප්‍රවාහන සේවයක් තෝරගන්නවද...?
3. දවස් කීයක් යාපනේ ඉන්නවද..? ඒ කාලේ ඇති වෙයිද..?
4. වියදම සහ පහසුව
ඔය ප්‍රශ්න ටික තමා එකටම එන්නෙ.
ඔතනින් තමන්ගේම කියලා වාහනයක හරි කුලියට ගත්ත වාහනයක නම් ඊලගට එන ප්‍රශ්නය මොන පාරෙන්ද යන්නෙ. එතනදි අපි කියන්නේ යන්න සහ එන්න එකම පාර තෝරගන්න එපා. සංචාරයට තව දේවල් ටිකක් එකතු කරගන්නත් එක්ක ඒ වෙනස කරන්න. දඹුල්ල -අනුරාධපුර - වවුනියා මාර්ගය සහ මන්නාරම -වෙල්ලන්කුලම් හරහා යන මාර්ග දෙක යොදාගන්න කියලා අපි කියනවා. ඔය මන්නාරම් පාර නම් කලින් විල්පත්තු හරහාත් යන්න පුලුවන් තත්වයක් තිබුනත් පසුගිය කාලයේ එය නවත්වා තිබුනා. වත්මන් තත්වය ගැන නම් අපිට හරි තොරතුරක් ලැබුනේ නෑ.
ඊලගට තියන හොදම විදිහ තමා කෝච්චිය. ගොඩක් අයට පහසුම විදිහක් තමා මේ.
1. කන්කසන්තුරේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය [A.C]
උදේ 5.45 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා දවල් 12.17 ට කන්කසන්තුරේට ලගාවෙනවා. පලමු පන්තියේ මැදිරි තමා තියෙන්නෙ.
2. යාල් දේවී
උදේ 6.35 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා දවල් 02.35 ට කන්කසන්තුරේට ලගාවෙනවා. යාපනෙන් උදේ 4.00ට පිටත් වෙලා කොලඹට උදේ 10.30 ට එනවා. දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ මැදිරි තියෙන්නෙ.
3. යාපනේ
උදේ 8.50 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා හවස 6.30 ට යාපනේට ලගාවෙනවා. දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ මැදිරි තියෙන්නෙ.
4. උත්තරා දේවී [A.C. – INTERCITY]
උදේ 11.50 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා හවස 6.15 ට කන්කසන්තුරේට ලගාවෙනවා. යාපනෙන් උදේ 9.45 ට පිටත් වෙලා කොලඹට හවස 6.30 ට එනවා. දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ මැදිරි තියෙන්නෙ.
5. ශ්‍රී දේවී [INTERCITY]
දහවල් 3.55 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා රාත්‍රී 10.20 ට කන්කසන්තුරේට ලගාවෙනවා. යාපනෙන් උදේ 4.00ට පිටත් වෙලා කොලඹට උදේ 10.30 ට එනවා. පලමු,දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ මැදිරි තියෙන්නෙ.
6. රාත්‍රී තැපැල් දුම්රිය
රාත්‍රී 9.00 ට කොලඹ කොටුවෙන් පිටත්වෙලා පසුවදා උදේ 5.30 ට යාපනේට ලගාවෙනවා. යාපනෙන් හවස6.45 පිටත් වෙලා කොලඹට පහුවදා උදේ 4.00 ට එනවා. දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ මැදිරි තියෙන්නෙ.
ඔය තමයි දුම්රිය ගමන් විස්තරය. බලන්න යන්න තියෙන සහ කාලය අනුව කුමක් තෝරාගන්නවද කියලා තීරනය කරන්න.
ඒ වගේම යන්න පහසු විදිහක් තමා පොදු ප්‍රවාහන බස්. සාමාන්‍යයෙන් ලංකාව හැම ප්‍රදේශයකින්ම වගේ යාපනය දක්වා යන බස් එකක් දැකගන්න පුලුවන්. ඒ වගේම කොලඹින් අධි සුඛෝපභෝගී බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක වෙනවා. කලින් වෙන් කරවාගෙන පහසුවෙන්ම යන්න පුලුවන් විදිහක් තමා මේ සේවාව. මහන්සියත් ගොඩක් අඩුයි. වෙන්කරවා ගන්න නම් මේ එක බස් සේවාවක් තමා මේ. මේ අංකයට කතා කරලා වෙන් කර ගන්න පුලුවන්. NCG 077 107 5555 .
මීට අමතරව සාමාන්‍ය බස් සේවාවන් වගේම රත්මලාන යාපනේ ගුවන් සේවයත් කැමති නම් උත්සාහ කරලා බලන්න පුලුවන්. හැබැයි සතියකට ගුවන් වාර තුනක් වගේ තමා ක්‍රියාත්මක වෙන්නෙ.
ඉතිං ගමන ප්ලෑන් කරනවා නම් රෑ පිටත් වෙලා උදේම එහෙට යන්න තියනවා නම් බලන්න පුලුවන් දේවල් ගොඩයි. නයිට් මේල් එක තමා වාසිදායකම. උදේම යාපනේට යන නිසා ලස්සන භූමි දර්ශනයක් අනිවාර්‍යෙන් දැකගන්න පුලුවන්. ඒ වගේම වාසිය උදේම ඩෙල්ෆ්ට් යන බෝට්ටුව අල්ලගන්න පුලුවන් වෙන ජැටියට යන පලමු බස් එක වන කුරිකඩ්ඩුවාන් බස් එක අල්ලගන්න පුලුවන්. එතකොට ඩෙල්ෆ්ට් වලට උදේ බෝට්ටුවේ ගිහින් හැමදෙයක්ම බලලා හවස බෝට්ටුවේ ආපහු එන්න පුලුවන්.
එතකොට අනික් කෝච්චි වල හරි බස් වල හරි යනවා නම් යාපනේ නගරේ ඇතුලේ පුලුවන් තරම් ඇවිදින්න ප්ලෑන් එක තියාගන්න. යාපනේ ස්ටේශමෙන් බහිනවා නම් ඇවිදන් යන දුරින් වාලම්පුරී හෝටලය සහ තව හොද තත්වයේ හෝටල් කීපයක්ම තියනවා. කන්කසන්තුරේ බහිනවා නම් ඇවිදන් යන් දුරින් තල් සෙවන හෝටලය තියෙන්වා. කලින් වෙන්කරගෙන යනවා නම් වඩාත් හොදයි.
ඒ වගේම යාපනේ ඇවිදින්න වාහනයක් එහෙන් බැහලා ගන්න පුලුවන්. දවසක කුලී පදනම මත. බයික් එකක් ,වෑන් එකක් වගේම කාර් එකක් බස් එකක් වුනත්. අපිට මේ හැමදේම ගමන පුරාම පිලිවෙලකට ප්ලෑන් කරලා කතා කරලා අපි එක්කම ගියේ අපේ යාලුවා සහෝදරයා "අනුශාන්ත් කන්දසාමී" Anusanth Kandasamy [077 406 8648] . සිංහල ,ඉංග්‍රීසි වගේම දෙමල එක විදිහමටම කතා කරන නිසා හරි පහසුයි.
එහනම් තවත් ලිපිය දිගට ගෙනියන් නෑ. දැනට දෙවනි ලිපියෙන් නවතිනවා. ඊලග ලිපියෙන් අපි අපේ පලවෙනි දවසේ සැලසුම අරන් එන්නම්. ඒ ගියපු ගමන් රස කතා එක්කම. වගකීමෙන් අපි අපේ යාලුවගේ නම්බරය මේ එක්කම අපි සදහන් කරනවා. යන්න කලින් කතා කරලා බලන්න. සැලසුමක් හදාගන්න. ඔහුත් එක්කම යන්න.. ගොඩක් දේවල් ලේසී වෙයි. ඊලග යාපනේ ලිපියෙන් හම්බවෙමු.
අපි තිරික්කලේ...
No comments: