ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පරිසරය සහ අපි

 පරිසරය සහ අපි



මිනිස්සු ඇයි travel කරන්නෙ ලස්සන තැන් හොයාගෙන මහන්සියෙන් අමාරුවෙන් යන්නෙ .ආසාවට නිදහස විඳින්න මානසික සහනයක් ලබන්න ජීවත් වෙන්න කන්දක් නැගලා පට්ට view point එහෙකට ගිහින් කලාතුරකින් මනුස්සයකුට ලැබෙන ජීවිතේ රසවත්ම ප්ලේන්ටියක් බොන්න කෑමක් හදාගෙන කන්න පොඩි අඩියක් ගහන්න සිංදුවක් කියන්න බියර් එකක් බොන්න (travel කරන හැමෝම ගැන නෙවෙයි නමුත් බහුතරයක්) ඔය හැම දේටම.

ඉතින් අපි ගන්න ඒ නිදහස සැනසීම මානසික තෘප්තිය තවත් කෙනෙක් එතනට ගියහම නොලැබෙනවා නම් ඒ ලස්සන දකින්න ඒ නිදහස විඳගන්න ඒ සතුට නැති වෙනවා නම්. අපි අපිම නැති කරනවා නම් මේ හැමදේම දෙන ස්වභාදහම කෙළෙසනව නම් විනාස කරනවා නම් අපි කොච්චර ආත්මාර්ථකාමීද..? අනුන් වෙනුවෙන් නැතත් ආයෙ අපිම එතැනට ගියාම ආපෝ හැටි කියලා කියවෙනවා නම් ඒ වරද කරලා තියෙන්නේ අපිම තමයි. කන්න ඕනේ බොන්න ඕනේ ඒ ආතල් එක ගන්න ඕන තමයි හැබැයි ඒ ආතල් එක ගන්න අපි අරන් යන දේවල් ඇයි ආපහු අරන් එන්න බැරි
තමන් සතුට හොයාගන්න අරන් ගිය බියර් බෝතලේ අරක්කු බෝතලේ බිස්කට් කවරෙ තේ බීපු කප් එක ඇයි අරන් ගියා වගේ ආපහු අරන් එන්න බැරි. පුරෝලා බරට බරේ උස්සන් ගිය බෝතලේ හිස් වෙලා බර අඩු වෙනකොට ඇයි අපි දාලා එන්නේ. ඇයි අපි ගත්ත නිදහස අපි විඳපු සතුට තව කෙනෙකුට විඳින්න නැති කරලා එන්නෙ. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී හැමදේම දෙන සොබාදහම් මාතාව විනාශකරන්නෙ ඇයි ..?
කාටවත් ඇගිල්ල දික් කරන්න නෙමෙයි අපි අපිම හැදෙන්න පුරුදු වෙන්න ඕනේ ඒ වගේම අනාගතේදිත් ඒ විදිහටම ලස්සන විඳින්න නිදහසක් ඉතුරු කරගන්න ස්වභාදහම සුරකින්න පොඩි උදාහරණයක් වෙන්න විතරයි මේක ලියන්නෙ.
අපිට ලැබෙන මානසික සුවය තවත් කෙනෙක් එතැනට ගියහම ඒ විදියටම විඳින්න ඒ ලස්සන දකින්න ඉතුරු කරන්න පුළුවන් නම් අපිව රකින ස්වභාදහම අපිව ජීවත් කරවන ගස් වැල් ඒ විදිහටම අපිට රැක ගන්න පුළුවන් නම් ආරක්ශා කරන්න පුළුවන් නම් අපි traveling කියන දේට හරිම අර්ථයක් දෙනවා කියලා හිතනවා.
කෙටියෙන්ම මේක දාන්න නෙවෙයි හිටියෙ වෙනසක් කරමු කියන වචන වලට ලිව්වෙ. බොන්නම විතරක් කඳු නගිනවා නම් ටින් අරන් පලයන් මොකද ගේන මිනිස්සුන්ට අමාරුයි.....බොන්න කියලා නෙවේ කියන්නෙ බොනවනම් හරියට බොන්න..දොලුකන්දම සුද්ද කරලා ආවෙ පේන්න කියන්න නෙවෙ ..වැරදිලා දාන එක කප් එකකින් බියර් බෝතලේකින් කුනු කන්දක් මුලු කැලයක් විනාස වෙන්න පුලුවන් මොකද ගොඩක් අපි හිතන්නෙ මූ දැම්මනම් අපි මොකද .දැන් පොඩ්ඩක් වෙනස් විදිහට හිතමු.. පොඩි දේකින් ලොකු වෙනසක් කරමු.අපි තනි තනියෙන් ඒ වෙනස පටන් ගමු..
අපි තිරික්කලේ..
ස්තූතියි - Cjay Davz



No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්