ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

කුරුල්ලන්ගල ගමන

Adventure explorer එකේ සංජීව අයියා කතා කරලා සෙට් වුන තවත් ගමනක් ගැන තමා අද විස්තරේ කියන්න යන්නේ. යමං එක්ක කල ලකේගල ගමනෙන් පස්සේ ගත්ත හොදම අත්දැකීමක් තමා මේක.

මේ කුරුල්ලන්ගල ගමන ගැන. පාන්දර 1ට කොලඹින් පිටත් වෙලා ඇල්ලට ගිහින් උදේ තමා ගමන පටන් ගත්තේ.
දවල් කෑමට ආපහු එන්න බලාන් පටන් ගත්ත ගමන් ආපහු එනකොට මහ රෑ 12ත් පහුවෙලා. ඒ තරමට Adventure වුනා කියන්න සතුටුයි.
මේක ටිකක් අවදානම් ගමනක්. කඹ ආදාරයෙන් නැගිය යුතු තැන් කීපයක්ම තියෙනවා. ඒ අතරේ අංශක 90 වගේ තැනකුත් ඇතුලත්. කොහමින් කොහම හරි හරි මගපෙන්වීමක් එක්ක කණ්ඩායම් හැගීමෙන් අපි චිත්‍ර ගාවට ලං වෙනකොට හවස 5 වගේ වුනා වගේම කොහේදෝ තිබුන වැස්සක් අකුණු ගොඩක් එක්ක පාත් වුනා.අවුරුදු 5000කට වඩා පැරනි චිත්‍ර කිහිපයක්ම මෙතන දක්නට ලැබෙනවා..
ආපහු එන්න ගමන පිටත් වුනාට ලේසි වුනේ නෑ. රුකාගේ කකුල ලෙස්සන් ගිහින් හෙලක ගැට්ටේ නැවතුනේ පෙර පිනකට. කියන්න සතුටුයි එතන ඉදන් රුකා අවසිහියෙන් තමා බහිනකම්. නැගපු ඇල පාර තනිකරම වතුර පිරිලා. ගල් ගැලවෙනවා අඩිය තියනකොට. දිය ඇලි දෙකක් තමා කලුවරේ බහින්න වුනේ. ගල් වැදිලා ටික දෙනෙක්ට තුවාල වුනා වගේම ෆෝන් කීපයක ආයු කාලයද අවසන් වුනා. කොහම හරි කලුවරේ ආපහු පන්සලට එනකොට රෑ 12ට ලගයි ..

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com


































1 comment:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්