කඩදොර විහාරය (kadadora Temple)
කලාතුරකින් දැකගන්න පුලුවන්, යන්න පුලුවන් තැනක් ගැන තමයි අද අපි විස්තර කියන්න යන්නේ.පුජණිය ස්ථානයක් වගේම සුන්දර තැනක්. කාලෙකට වතුරින් යටවෙනවා. කාලෙකට ආපහු දැකගන්න පුළුවන් . හැබැයි ඒ පොඩි කාලෙකට.
තියන තැන ඉදලා විස්තර කියන්න පටන් ගන්නම්.. තියෙන්නේ කොත්මලේ ජලාශයේ..අන්න ඒකයි කාලෙකට විතරක් බලන්න පුළුවන්. මොකද ජලාශය පිරෙනකොට මෙය වතුරින් යටවී නොපෙනී යනවා... ඒ නිසා මෙය දකින්නට අවස්ථාවක් එන්නේ පෑවිල්ලක් කාලෙකට තමයි.. ජලාශයේ වතුර මට්ටම ගොඩක් අඩු වුන කාලෙකට මෙය වතුරෙන් මතු වෙනවා.. ඒ නිසා හරියටම කියන්න බෑ මොන වගේ කාලෙකට මෙය නරඹන්න පුළුවන්ද කියලා.කොත්මලේ ව්‍යාපෘතිය ආරම්භයත් සමග ගම්මානයන් කිහිපයක් වතුරෙන් යටවිය.. ඒත් සමග මෙම විහාරයන් ජලයෙන් යටවිය..ඒ පිළිබඳ කතා සහ විස්තර ඒ අවට වයසක උදවිය හරි අපූරුවට අදටත් මෙතනට පැමිණ හරි ආසාවෙන් වගේම හැගීම් බරව මතක් කරන අයුරු අපිටද දකින්නට ලැබුනා..
එහනම් අයෙත් වරක් මෙය නරඹන්න පුළුවන් වතුරෙන් මතුවුණා කියලා ආරංචියක් ලැබුන ගමන් පුළුවන් ඉක්මනට ගිහින් නරඹන්න.. ෆොටෝ ටික බලන්න වචන වලට හරවන්න බැරි ගොඩක් සුන්දර දේවල් ෆොටෝ කියාවි..
No comments: