උඩවලව ඇත් අතුරු සෙවන (udawalawa elephant park)

මෙතන නරඹන්න නම් ප්‍රවේශ පත්‍ර ලබාගන්න ඕනා වන අතරම මෙය
නරඹන්න නියමිත වෙලාවකුත් තියනවා. අපි නම් ගියේ හවස 4.30 වෙලාවට නරඹන්න. ඒ වෙලාවට
මේ අලි පැටවුන් කිරි පොවන වෙලාව. ඒ වෙලාවට තමයි මේ අලි පොඩ්ඩෝ එයාලගේ සංදර්ශන
පෙන්වන්න පටන් ගන්නේ.. කවුරුත් පුරුදු කරලා එහම නෙවයි. ඒ මෙයාලගේ දග වැඩ.. වෙලාව
නම් යනවා දැනෙන්නේ නෑ ඇත්තටම.ඒ වගේම තව බලන්න පුළුවන් කෞතුකාගාරයක් වගේම තව දේවල්
කිහිපයක්ම තියෙනවා. තොරතුරු දැනගන්න ඉතාමත් හොද කාර්ය මණ්ඩලයක් ඉන්න වග ඉතාමත්
සතුටින් වගේම වගකීමක් ඇතුව කියන්න ඕනා..
අපි නම් ඒ අත්දැකීම විදගත්තා. ඔයාලාගේන් වෙනදා
වගේම ඉල්ලනේ නිවාඩුවක් ලැබුණු වෙලාවක යන්න . ඒ වගේම මෙතැන කටයුතු වලට ඔබටද
දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ පිළිබඳවද ටිකක් සිතා බලන්න.. ඒ පිළිබඳ තොරතුරු
එතැනදී දැනගන්න පුළුවනි.. එහනම් වෙලාවක් තිබුනොත් ගිහින් බලන්නකෝ
No comments: