ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බදුල්ලට කෝච්චියෙන් ( to badulla by train)

එක දිගට ඔන්න දේශනා වලට එහම ඉදලා වැඩ ගොඩකට හිරවෙලා ඉදලා අපි වේලාවක්‌ හොය හොයා හිටියේ අපි ගොඩක් දවසක ඉදලා සැලසුම් කරපු ගමනක් යන්න. ඔන්න යන්න වේලාවක් නම් ලැබූන. පොසොන් පෝය නිවාඩුව තෝරාගත්තා ගමන යන්න. ඒ ලංකාවේ කෝච්චියෙන් යන්න පුළුවන් ලස්සනම දුම්රිය ගමන. ඒ තමා බදුල්ලට කොළඹ ඉදලා කෝච්චියෙන්.

ගමනට තිරික්කලේට අලුතින් එකතු වුනා තවත් යාළුවෝ 3 දෙනෙක්. අපි ඔක්කම ගමන පිටත් වෙන්න තෝරාගත්තේ රාත්‍රී තැපැල් දුම්රිය සේවය.රාත්‍රී 8 .00 වෙනකොට අපි ගමන ආරම්භ කළා බදුල්ල දක්වා. අපි නම් දෙවන පන්තියේ ගියේ.
 රාතී‍්‍රය වෙනකොට කදු ගමන පටන් ගන්නවා.ඒ එක්කම සීතල වැඩි වෙනවා ටික ටික . ඒකට නම් සූදානම් වෙලා යන එක නම් ගොඩක් හොදයි.පාන්දර වෙනකොට තමයි ගමනේ ලස්සනම කොටස පටන් ගන්නේ .. කදු මුදුන් වලට ඉර එලිය ටිකෙන් ටික වැටෙන කොට තියෙන ලස්සන මේ ලංකාවේද අපි ඉන්නේ කියලා හිතෙන තරමට ලස්සනයි .. මේ වෙනකොට කෝච්චිය යන්නේත් ඉතා හෙමින්. ඒක ගොඩක් උදව් වෙනවා මේ ලස්සන දැක ගන්න විදගන්න. මේ වෙනකොට නම් අපේ කෝච්චි පෙට්ට්යේ හිටියේ අපි ටික විතරයි. අපි ඒ හින්දා නිදහසේ ඒ අසිරිය බලාගත්තා.

 උදේ 8 වෙනකොට අපි ඔන්න බදුල්ල දුම්රිය ස්ථානයට ආවා. ඒ අත්දැකීම් ඔක්කම අලුත් මතකයන් ගොඩක් එකතු කළා අපි ඔක්කටම . ඔයාලටත් ගිහින් බලන්න . ඒ අත්දැකීම ලබාගන්න. උදෑසන දුම්රියන් 2ක් තියනවා මේ දුම්රියට මේ අමතරව. අපි හිතනවා ඔයාලටත් අවස්ථාවක් ලැබෙන්න කියල මේ ගමන ගිහින් ලස්සන මතක ගොඩක් ඒකාකාරී ජීවිතයට වෙනසකට එකතු කරාගන්න කියලා ..





































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්