ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පරෙයි වැල්ල ( parei beach)

නිවාඩුවක් අවස්ථාවක් ලෑබූන ගමන් තිරික්කලේ අපි අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ අපි ගියපු නැති යන්න අසා හිතෙන තැනකට සංචාරයක් කරන්න..ඔන්න නිවාඩුවක් වගේම අවස්ථාවකුත් ලෑබුනා. අපි වැඩිය හිතන්නේ නැතුවම පිටත් වුණා තවත් ලස්සන තැනක් බලන්න යන්න..

තංගල්ල නගරයට ඇවිත් රෝහල, පොලිස් මුලස්ථානය අසලින් දිවෙන මාර්ගය දිගේ ටික දුරක් ආවහම මේ සුන්දර වෙරළ තිරයට ලගා වෙන්න පුළුවන්..ඇවිදන් යන්න පුළුවන් දුරක් තමයි තියෙන්නේ. නාවික හමුදා කදවුර ඉස්සරහම නිසා අරාක්‍ෂාව ගැන නම් හිතන්න දෙයක් නැ.

නොගැඹුරු මුහුදු තීරයක්, විශාල වෙරලක් මෙහි දැකගන්න පුළුවන්. ඒ වගේම කොරල් පර සහිත මුහුදු තීරයක් නිසා මෙතන ඉතා ආකර්ෂණය ස්ථානයක් වී තිබෙනවා කිමිදීම සදහා.. එමෙන්ම මෙතනට පැමිණේන අයට පහසුකම් සියල්ලක්ම වාගේ සලසා දී තිබීමත් අනිවාර්යෙන්ම මතක් කල යුතුයි.

ඉතින් අපි නම් ඒ අත්දැකීම ගිහින් විදාගත්තා.. අපි ඔයාලාටත් අරාධනා කරනවා ඇවිත් ඒ අලුත් අත්දැකීම විදගන්න. හැබැයි එතන ආරාක්ෂ කරාගන්න සැලකිලිමත් වෙන්න කියල ඉල්ලා සිටිනවා...

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්