ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

"මිස් වුන බෝට්ටුව.."

මිස් වුන බෝට්ටුව

================
"පරක්කු වෙනවා නැගිටපන්, බෝට්ටුවට යන්න ඕනේ .... බෝට්ටුව මිස් වුනොත් හවස් වෙනකන් ඉන්න ඕනේ.. " මොන ලෝකේ ගියත් උදේ පාන්දරම අහන්න වෙන මිහිරිම කතාව.. උදේ පාන්දරම මුහුදේ සද්දෙත් එක්ක ඈතින් රත්තරන් පාටට ඉර පායන් එන එක ටෙන්ට් එක ඇතුලේ ඉදන් බලන් ඉන්න එක මේ ජීවිතේ ඇතුලේ ලබන්න පුලුවන් මොන වගේ සතුටක්ද කියලා තාම හිතාගන්න බෑ..
"නැගිටපන් භල්ලෝ බෝට්ටුව මිස් වෙයි.." second warning එක..
ටෙන්ට් එකෙන් එලිය ඇවිල්ලා ශර්ට් එක ගලවලා දුවන් ගිහින් මුහුදට පැනලම හැරිලා බැලුවේ ඊලග warning එක මොන වගේ වෙයිද කියලා..
දුටුවම සතුටු හිතෙන දසුනකි.. ඔය එන්නේ ඉතුරු අයත් ..
"මචං දැන් ගිහින් බෝට් එක අල්ලගන්න වෙන් නෑ.. හෙමින් යමන්.." වතුරට බහින ගමන් අනුශාන්ත් කියාගෙන ආවේ කරන්න පුලුවන් ඉතිරි එකම දේ ඒක නිසා..
නාලා බඩු ටික අහුරන් පොලීසිය , තැපැල් කන්තෝරුව, ඉස්කෝලේ, පල්ලි පහු කරන් කෑම්ප් එක ගාව ජැටියට එනකොට බෝට්ටුව නිවැරදි වෙලාවට ලස්සනට පිටත් වෙලා තිබුනා..
"බලන්න බෝට්ටුව වෙලාවටම යනවා නේ.. එහනම් අපි මොනවාම හරි කාලා ඊලග දේ ගැන හිතමු.." ..ඔය කීවේ ලස්සනට. නාවික හමුදාවේ අපේම සහෝදරයෝ පෙන්නපු තැනක තියන් නූඩ්ල්ස් හදාගෙන කාලා එතනම් නිදාගන්න වැටුනේ බෝට්ටුවක් අල්ලන්න හිතාගෙන. කොයි වෙලාවක හරි එකක් එයිනේ..
"මචං වැලි මැටල් ගල් ගෙනාව බෝට්ටුව ආපහු යනවා.. ඒකට සෙට් වෙයන් අවුලක් නැතිනම්.." නේවි එකේ සහෝදරයෙක් කීව ගමන් අපි බඩු උස්සන් පොරටත් දෙන්න පුලුවන් උපරිම ස්තූතිය දීගෙන බෝට්ටුව පැත්තට දීවා..
මේ තියෙන්නෙ අපේ ගමන් පහසුව සලසන දෙයියා..
නිකමට හිතාගන්න ගමක ඔය වගේ ගල් බොරලු පස් අදින ට්රැක්ටරයක්.. ආන්න ඒකේම මුහුදු වර්ශන් එකක්..අපි එකාට එකාගේ මූනවල් බලලා මේ ආතල් එකත් ගමු කියලා නැන්ගා.. මොකද ලයිෆ් ජැකට් වගයක් තිබ්බා බෝට්ටුව ගිලුනොත් බේරෙන්නද , බෝට්ටුව ගිලෙන එකෙන් බේරගන්නද කියලා හිතාගන්න බැරි.. අඩිය තියන්න වුනත් දෙපාරක් හිතන්න ඕනේ... හැබැයි සෑහෙන කාලයක් මුහුද එක්ක පොරබදන ශක්තිමත් මහල්ලෙක් වගේ තාමත් අත්දැකීම් එක්ක පරිස්සමට ගමන යනවා..
අයිතිකාර මහත්මයා සමග උදව්ට ඉන්න මහත්මයත් මේ මුහුදටම මේ බෝට්ටුවටම ජීවිතේ දිය කරලා බෝට්ටුව එක්කම ජීවිතේ දිරාගිහින්.. උතුරේ දකුනේ වෙනස නැතුව දුප්පත්කමින් තාමත් බැට කමින් මුහුද එක්ක පොරබදනවා..
සෑහෙන වෙලාවක මුහුද ගමන අතර තුර බොහෝ දේවල් අපි එක්ක කැඩුන සිංහලෙන් බෙදාගත්තා.. ආදරෙන් හිනා වෙවී තිබුනු කෑම අපි එක්ක බෙදාගත්තා..
බර නැති නිසා දමා තිබ්බ වැලි ගෝනී වලටත් අභියෝග කරමින් බෝට්ටුව රැල්ලට උඩ යන එක බය හිතෙන දෙයක් වුනත් වෙනස්ම අත්දැකීමක් ගෙනාවේ විනෝදෙකුත් එක්කම. බර නැතුව ආව බෝට්ටුව මුහුද එක්ක පොරබදලා ජැටිය ලගට අපිව ආරක්ශිතව ගෙනාපු විදිහ තාමත් මතක් වෙනවා.. හැබැයි බැහලා සෑහෙන වෙලාවක් යනකන් එන්ජිමේ සද්දේ නම් කන් වල ලස්සනට රැව් දුන්නා..
බැහැපු ගමන් අපි ආපහු නැන්ගා නාගදීපේ යන්න බෝට්ටුවට.... ප්ලෑන් නැති ට්රිප් කියන්නේ හිතන දේ ඒ වෙලාවෙම කරන ආතල්ම විදියක්... ඒකට ඉතිං දෙයියනේ කියලා ඒකටම හරියන සගයෝ ටිකක් ඉන්න එක සෑහෙන ලොකු පිනක්..
ඔය සමහර දේවල් පොඩි පොඩි දේවල් වුනාට හරි ලස්සන මතක.. අපි ඒවට තමා ගොඩක් ආසා වෙන්නේ පසු කාලෙක... තිරික්කලේ අපි ඒවට හරි ආසයි...
එහනම් ඇවිදන් යමු අපි එක්කම... ගොඩවෙන්න තිරික්කලේට... මේක වින්දනාත්මක රස්තියාදුවක්...
For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්