ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

බඹර කිරි ඇල්ල (babarakiri ella falls)

කලින් අපි පල කරපු ලිපියෙන් පොඩි ඉගියක් අපි දුන්නනේ ඊලගට අපි පල කරන්න යන ලිපි පෙල මොනවද කියලා.මේ ඒ මාතලේ ,රිවස්ටන් හා පිටවල පතන ආශ්රිතව අප ගතකල සුන්දර කදවුරු දවස් තුනක ලිපි පෙලේ පලමුවන ලිපිය. එහනම් #තිරික්කලේ යන්න ගොඩවන්නකෝ.. මොනවා කලත් වෙලාවට එක තැනකට කස්ටියම සෙට් කරගන්න එකමනේ අමාරුම වැඩේ. Chathura(ඇස්කොට්) උදේ 7.ට කුරුණෑගලට ආවා. රුවනා පාන්දර 3 වෙනකොට ආවා රත්නපුරේ ඉදලා.. අසේල ,තිලින සහ පොඩ්ඩා උදේ ජීප් එකේ ආවේ.. UD (රෝන්දේ) මාතලේට ආවේ.. අපි මාතලෙන් 12 ට විතර ඕනා කරන බඩුබාහිරාදිය අරන් පිටත් වුනා. රිවස්ටන් වලට කොළඹ ඉදලා 170km ක් වගේ තියනවා.. ඒ කියන්නේ පැය 4 ක වගේ ගමනක්. එන්න පුළුවන් , 1.)කොළඹ -නුවර- මාතලේ - රත්තොට - රිවස්ටන් 2.) කුරුණෑගල- නුවර- මාතලේ- රත්තොට- රිවස්ටන් 3.) කුරුණෑගල- දඹුල්ල පාර- ඉබ්බාගමුව- තල්ගොඩපිටිය- යටවත්ත හරහා මාතලේ පාර- රත්තොට- රිවස්ටන් 4.) දඹුල්ල- දඹුල්ල නුවර පාර- මාතලේ- රත්තොට- රිවස්ටන් ඔන්න ඕවා තමා ලේසි මාර්ග.මේ ලිපියෙන් කියන්නේ අපි සුන්දරීයක් ගැන .. ඒ කියන්නේ දිය කොමලියක් ගැන.. ඒ තමයි බඹර කිරි ඇල්ල. රිවස්ටන් යන මාර්ගයේමයි..රත්තොට ඉදන් යනකොට දකුණු පැත්තේ තියෙන්නේ..විශාල නාම පුවරුවක් තියනවා. රත්තොට නගරයේ ඉදලා 5km ක් වගේ දුරක් තියෙන්නේ. රිවස්ටන් වලට මෙතැන සිට 14km ක් වගේ තමයි තියෙන්නේ.. මෙතැන නම් ඉතින් පාරාදීසයක්.දිය ඇල්ලේ ලස්සන වගේම ස්වාභාවික ජල තටාක කිහිපය ඒ ලස්සන තවත් වැඩි කරනවා.ඒ සොබාදහමේ සුන්දරත්වය විදගන්න එයට තවත් සුන්දරත්වයක් එක් කරන්න මෙතැන තිබෙන වැල් පාලමත් ලොකු සහයෝගයක් දෙනවා. ඒ නිසාමදෝ මෙතැන විවාහ මංගල චායාරූපකරුවන්ගේ තෝරාගත් තැනක් වී තිබෙන්නේ. අප සිටි දිනයේ උදෑසන එසේ චායාරූප ගැනීමට කණ්ඩායම් 5කට වඩා පැමිණ සිටියා.ඉතිං හිතාගන්නකෝ සුන්දරත්වය. ඉතිං ගමන් මහන්සිය නිවාගන්න,පොඩ්ඩක් හිතේ හැටියට කට්ටියක් එක්කම වුනත් නාගන්න කියාපු තැනක්.චායාරූප ගන්න නම් ඉතිං මොනතරම් ගැලපෙනවද කියලා අලුතින් කියන්න ඕන නෑනේ..අපි අරන් තියන ෆොටෝ පොඩි අදහසක් දේවි ඒකට නම්.මෙතන කඩේකින් රොටියක් කාලා කිතුල් හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් ටිකක් එහම බීලා කාලය ගත කරන්න කියාපු තැන වෙනසකටත් එක්ක.ඒ වගේම සුළු මුදලක් ගෙවීමෙන් සනීපාරක්ෂක පහසුකම් සපයාගන්නත් පුළුවන්. අපි එ දවසේ කදවුර ගහගන්න තෝරාත්තේ මෙතැන. ගිනි ගොඩවල්, ගිනිමැල එහම ගහන්න බෑ. එතන බලා ගන්න බාරව ඉන්න අය එක්ක කතා කරලා ඕන දෙයක් සූදානම් කරගන්න පුළුවන්. අපි නම් කලින්ම උයාගෙන එහම සුන්දර රාත්රීක් ගත කලා.සොබාදහමේ තුරුලේ ඉදන් හෝ ගාගෙන මේ කොමලිය ගලන සද්දේ අහගෙන නිදාගත්ත. ඉතිං පුලුවන් වෙලාවක යන්න.හැබැයි මෙතන පොලිතින් ප්ලාස්ටික් දමා ඇවිත් විනාස කරන්න නම් එපා. #තිරික්කලේ අපි ඒවත් රැකගෙන හැමදාම කලා වගේ පරිසර හිතකාමී සංචාරයකට ඔයාලට ආරාධනා කරනවා . යන්න ගිහින් බලන්න. අපි #තිරික්කලේ සමග































No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්