ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

පිදුරංගල - pidurangala rock


දඹුල්ල කීවාම ගොඩක් අයට එක පාරටම මතක් වෙන තැන් කීපයක් තියනවා. සීගිරිය , දඹුල්ල රජමහා විහාරය, ක්රිකට් ක්රීඩාංගණය වගේ දේවල් කීපයක් තමා එහම මතක් වෙන්නේ. සංචාරය කරන අය අතර නම් සීගිරිය , රංගිරි දඹුල්ල රජමහා විහාරය වගේ ඒවා තමා ප්රසිද්ධ .. වුනාට ලංකාවේ අය අතරේ තරමටම ප්රසිද්ධ නොවුනට විදේශිකයන් අතර ගොඩක් ප්රසිද්ධ දඹුල්ලේ පිහිටි තැනක් ගැන තමා කියන්න යන්නේ. සීගිරියට යන පාරේම සීගිරියට ඇතුල් වෙන ප්රධාන පිවිසුම් මාර්ග පසු කරන් තව කිලෝමීටර් කීපයක් ගියාම මේ තැන හමුවෙනවා.. පිදුරංගල ආරණ් සේනාසනය. මේහි අතීතය නම් අනුරාධපුර යුගය දක්වා දිවෙනවා.. කාශ්යප රජතුමා සීගිරීයෙහි පාලනය ගෙන යන කාලයට පෙර සහ පසුත් මෙම ස්ථානය පිලිබදව තොරතුරු දැනගන්නට ලැබෙනවා. සුප්රසිද්ධ සීගිරි බිතුසිතුවම් වල පෙන්නුම් කරන සීගිරි ලලනාවන් මල් අතින් අරන් සිටින්නේ පිදුරංගල වන්දනාමාන කරන්න යන්න බවයි පුරාවිද්යාඥයන්ගේ මතය. අපි නම් හවස් වෙලා තමා පිදුරංගල යන්න තෝරාගත්තේ. මොකද දවල් කාලයට පොඩ්ඩක් විතර මෙතන මුදුනේ ඉන්න අමාරුයි. අපි ඔයාලටත් කියන්න කැමති උදේම හරි හවස් කාලය හරි තෝරගන්න කියලා පිදුරංගල යන්න. හවස නම් තුනෙන් පස්සේ වගේ. හවස් වෙලාවක යනවා නම් ගොඩක් ලස්සනයි. මෙතනට සීගිරිය ලගින් වගේම ලස්සනට පේනවා. වගේම ලොකු ප්රදේශයක් පුරා පැතිරිලා තියෙන ගල් තලාව සහ වටේම නැරඹීමට හැකි වීමත් හරි අපූර්ව අත්දැකීම් දෙනවා. හවස් වෙලාවක හුලගත් එක්ක ඉර බහින ලස්සන ඉදගෙන බලාන ඉන්න තියන සුන්දරත්වයෙන් උපරිම තැනක්. සුපුරුදු විදියටම මෙතන නිධාන හොරුන්ගේ හොරකම් වලට හසු වී වටිනා පිලිම විනාස වෙලා තියනවා.. දැනට නම් ඒවා නැවත ප්රතිසංස්කරණය කරලා තියනවා. පහල තිබෙන පන්සල , භාවනා කුටි වගේම තුරුගොමු යටින් තමා කන්ද මුදුනට එන්න තියෙන්නේ.. ගුහා කීපයක්ම හමුවෙනව එනකොට. ඉතිං සීගිරිය ගිය වේලාවක පොඩ්ඩක් එතනින් ඉස්සරහට ගිහින් මෙතනට ගොඩවෙලා එන්න.. වතුර ටිකක් කෑම ටිකක් අරන් ගියොත් හවසකට අමතක නොවෙන වෙලාවක් ගතකරලා එන්න පුලුවනි. හැබැයි සුපුරුදු ඉල්ලීම.. මෙතන විනාස කරන්න නම් එපා.. පොලිතින් ප්ලාස්ටික් වගේම පොඩි කොල කෑල්ලක්වත් දාලා එන්න එපා.. එහනම් ගිහින් බලන්න. තිරික්ක්ලේ අපි ගියපු ගමනේ ෆොටෝ ටිකක් තියනවා.. බලන්න , හැමදාමත් වගේ වචන මදී මේ රටේ ලස්සන විස්තර කරන්න. එහනම් ගිහින් බලන්න. විස්තර අහන්න තියෙනවනම් විස්තර දැනගන්න ඕන නම් අපිට කතා කරන්න .. පොඩි පණිවිඩයක් තියන.. අපි #තිරික්කලේ




























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්