ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

මොරගහකන්ද ජල ව්යාපෘතිය

ලංකාව පුංචි දූපතක් වුනාට සුන්දරත්වය අතින් නම් පෝසත් රටක්.. විවිධ භූගෝලීය දේශගුණික සාධක මේ සුන්දරත්වයට හේතු වෙනවා.. පුංචිම පුංචි වෙලාවක් ඇතුලත වෙන් වෙන් දේශගුණික කලාප වලට ලගා වෙන්න පුළුවන් වීම මේ අප රටේ තියන වැදගත්ම සාධකයක්.. ඉතිං එයට හොදම උදාහරණ සපයන ප්රදේශයක් තමයි මාතලේ.අපි කලින් ලිපි තුලිනුත් විස්තර ගෙනාවේ මේ මාතලේ අවටම තමා.. දැන් කියන්නෙත් එහම තැනක් ගැන තමා.. ලංකාවේ විශාල ජල ව්යාපෘති තියනවනේ.. ඒ අතරින් ලගදීම වැඩ නිමාවන විශාලතම ජල ව්යාපෘතිය තමා #මොරගහකන්ද ජල ව්යාපෘතිය. ඔන්න අපි ගියා..

කියන්න ඕනා අපි යනකොට නම් මෙතන ඇතුලටම යන්න නම් අවසර දුන් නෑ කලින් ඇතිවුන ප්රශ්න කීපයක් නිසා. හැබැයි ඉතා ඉක්මනට අවසර දේවි.. විශේෂ අවසරයකින් යන්න පුළුවන්. යන්න පුලුවන් විදිහ සරලවම කියනව නම් A9 පාරේ නාඋලට යන්න.. ඒ කියන්නේ මාතලේ ඉදන් දඹුල්ල පැත්තට 18Km ක් වගේ, දඹුල්ල ඉදන් මාතලේ පැත්තටත් ඒ වගේම දුරක් ගියාම නාඋල නගරය. මාතලේ ඉදන් යනකොට දකුණු පැත්තටත් දඹුල්ලේ ඉදලා යනවා නම් වම් පැත්තටත් හරවන්න නාඋල නගරයේ ඔරලෝසු කනුව ලගින්.. ඉස්කෝලේ එහම පහු කරන් යන්න 15Km ක් විතර. පාර නම් ඉතින් හොදටම තියනවා.. ඒ නිසාම වේගෙන් යන්නත් එපා.. මේ පාර අවට තමයි ගොඩක් ලස්සන.. නැවතිලා බලන් යන්න .. ඒ වගේම මගදී නැරබුම් ස්ථානයක් එහමත් තියනවා..හරිම සුන්දර ප්රදේශයක් .. වෙලාවක් ලැබුනම ගිහින් බලන්න.. ලංකාවේද කියලා හිතේවි. . #තිරික්ක්ලේ අපි ගියා හදිස්සියේම වුනත්.. ආදරෙන් මතක් කරන්නේ.. මේ මාර්ගය ඉතාම හොද තත්වයක තියනා නිසාම වේගය ගැන සැලකිලිමත් වෙන්න.. නිතර නිතර මතක් කරේ වෙන අනතුරු නිසාමයි.. සුන්දර අත්දැකීම් එකතු කරගන්න ගිහින් බලන්න..පරිසරයට ආදරේ කරන්නෙක් විදිහට සංචාරය කරන්න.. අපි #තිරික්ක්ලේ ..





No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්